පෙම්වතා 31 දා තෙක් රිමාන්ඩ් – සැකකරු මනෝ වෛද්‍යවරයකු හමුවට

221

විශ්වවිද්‍යාල සිසුවියක වන විසිහතර හැවිරිදි පෙම්වතියගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු වන පසිඳු චතුරංග ද සිල්වා නමැත්තා ලබන 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඊයේ (18 දා) පස්වරුවේ නියෝග කළේය.

එම සැකකරුවා වහාම ජාතික මානසික විද්‍යායතනයේ මානසික සෞඛ්‍ය පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයකු වෙත ඉදිරිපත් කොට වෛද්‍ය වාර්තාවක් තම අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසට ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එහිදී බන්ධනාගාර නිලධාරීන්ට නියම කළේය.

වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි සැකකරු, වසර ගණනාවක් තිස්සේ එක්තරා මානසික රෝගී තත්ත්වයකට වෛද්‍ය ප්‍රතිකාර ලබන අයකු බැවින් ඔහු රෝහල්ගත කර අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර කරන ලෙසට නියෝගයක් කරන්නැයි සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් රණසිංහ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment