පෙම්වතියගේ ගෙළ සිරකර මරා සිරුර කැළණි ගඟට දාලා

1067

තම පෙම්වතියගේ ගෙල සිරකර ඝාතනය කළ සැකකරු ලබන 31 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරයේ තබන ලෙසට ගම්පහ මහෙස්ත‍්‍රාත් මංජුල කරුණාරත්න මහතා ඊයේ (22 වැනිදා) නියම කළේය.

ගම්පහ දකුණු දොරණාගොඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වූ එස්. ඒ.ඞී. කසුන් මදුරංග නමැති සැකකරු මෙසේ රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණි.

වැල්ලම්පිටිය, සේදවත්ත ප‍්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි එස්. නදිසා සංදීපනි නමැති සැකකරුගේ පෙම්වතිය ඉකුත් 16 වැනිදා සැකකරුගේ නිවසේ දී ගෙල සිරකර ඝාතනය කර තිබුණි. ඝාතනය කෙරුණු පෙම්වතියගේ සිරුර සැකකරු විසින් මෝටර් රථයක දමා ගෙන විත් වැල්ලම්පිටිය කොහිලවත්ත ප‍්‍රදේශයේ දී කැලණි ගඟට දමා තිබියදී වැල්ලම්පිටිය පොලිසිය මගින් ඉකුත් 18 වැනිදා සොයාගෙන තිබූ බවට ද අධිකරණයේ දී සඳහන් විය.

දෙදෙනා අතර ඇති වූ ආරවුලක් දුරදිග යෑමෙන් අනතුරුව සැකකරු ඇයගේ ගෙල සිර කර ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බවට අධිකරණයේ දී වැඩිදුරටත් සඳහන් විය.

ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික ද සිල්වා මහතාගේ අධීක්ෂණය මත බෙම්මුල්ල පොලිසිය සහ ගම්පහ කොට්ඨාස අපරාධ පරීක්ෂණාගාර නිලධාරීන් (සොකෝ) එම ඝාතනයට අදාළ සාක්ෂි එක් රැස් කිරීම සඳහා වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරන බව බෙම්මුල්ල පොලිසිය අධිකරණය හමුවේ කීය.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment