පෙම්වතියගේ නිරුවත් පිංතූර ගත් පෙම්වතා උපාය දූතියකට හසුවේ

1125


ඔක්කම්පිටිය ගල්ටැම්මණ්ඩිය ප්‍රදේශයේ පදිංචි සිය පෙම්වතිය ලැඟුම්හලකට කැඳවාගෙන ගොස් දූෂණය කොට නිරුවත් ඡායාරූපගැනීම සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවකු මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවටගෙන ඇත.
මෙම සැකකරු කොළඹ ප්‍රදේශයේ සැඟවී සිටියදී උපායදූතියක මඟින් අදාල තරුණිය ලෙස පෙනීසිටිමින් දුරකථන ඇමතුමක් ලබාදී ඔක්කම්පිටිය ප්‍රදේශයට ගෙන්වාගෙන තිබේ.
එසේ පැමිණි අවස්ථාවේදී මඟරැක සිටි පොලිස් නිලධාරීන් සැකකරු අත්අඩංගුවටගෙන ඇත.
මෙම සැකකරු ස්ත්‍රී දූෂණ ගණනාවකට සම්බන්ධව පොලීසියට අවශ්‍යව සිටි අයයෙකු බව පරීක්ෂණ වලදී අනාවරණයවී තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment