පෙම්වතියගේ මවට ක්‍රිකට් පිත්තෙන් ගැසූ සැකකරුට ඇප

664

අමනාප වී සිටින පෙම්වතියගේ මවට ක්‍රිකට් පිත්තකින් පහරදී තුවාල සිදු කිරීමේ චෝදනා සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු සැකකරුවකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙසට මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් ටී. තේනබදු මහත්මිය නියම කළාය.

මිනුවන්ගොඩ, බුලුගහමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකුට දැඩි කොන්දේසි සහිතව මෙසේ ඇප නියම කෙරුණි.

පැමිණිලිකාරියගේ සැමියා විදේශගතව සිටින බව පොලිසිය කියයි. සැකකරු පැමිණිලිකාරියගේ දියණිය සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇති බවත් සැකකරුගේ නොමනා හැසිරීම් හේතුවෙන් එම ප්‍රේම සම්බන්ධය දියණිය විසින් නවතා දැමීමෙන් අනතුරුව කුපිත වූ සැකකරු පැමිණිලිකාරියගේ නිවසට ගොස් ආරවුලක් ඇතිකරගෙන මෙසේ පහරදීම සිදු කර ඇති බවට අධිකරණයේදී සඳහන් විය. මිනුවන්ගොඩ

පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ සැරයන් සුදත් නන්දසිරි මහතා (38098) පැමිණිල්ල මෙහෙයවිය.

මිනුවන්ගොඩ – ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment