පෙම්වතියගේ හොර අල්ලන්න පෙම්වතා ගැහැනු වෙස් අරන්!

1060

මුස්ලිම් කාන්තාවන් අඳින අබායා ඇඳුමකින් සැරසී බුර්කාවක්ද පැළඳ පැමිණ සිටි මුස්ලිම් තරුණයකු ගාල්ල දුම්රිය ස්ථානයේ ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඊයේ (19 දා) උදෑසන ගාල්ල පොලිසිය වෙත භාරදෙන ලදී.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල, මකුළුව පදිංචි 27 හැවිරිදි මුස්ලිම් තරුණයෙකි. ඔහු ඊයේ උදෑසන දුම්රිය ස්ථානයට පැමිණ කොළඹට ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන ඇති අතර එහිදී ඔහුගේ කටහඬ ගැන සැක සිතු ආරක්ෂක නිලධාරීන් ඔහු පරික්ෂා කර ඇත. එහිදී දුම්රිය ආරක්ෂක නිලධාරීන් දැක ඇත්තේ මුස්ලිම් කාන්තා ඇඳුමකින් සැරසී සිටියත් ඔහු පිරිමියෙකු බවය. පසුව දුම්රිය ආරක්ෂක නිලධාරීන් ඔහු පොලිසියට භාරදීමට කටයුතු කර ඇත.

පෙම්වතියගේ හොර අල්ලන්න පෙම්වතා ගැහැනු වෙස් අරන්!

පොලිසිය විසින් කරන ලද ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ තමාගේ පෙම්වතිය වෙනත් තරුණයෙක් සමග සම්බන්ධයක් පවත්වන බවටත්, ඔවුන් ගාල්ල දුම්රිය ස්ථානයට පැමිණෙන බවටත් ලැබුණ තොරතුරක් අනුව මෙසේ කාන්තා ඇඳුමකින් සැරසී පැමිණි බවය. මෙම ඇඳුම ඔහුගේ මවගේ ඇඳුමක් බවටත් අනාවරණය වී තිබේ. ගාල්ල දුම්රිය ස්ථානයේ ආරක්ෂක අංශයේ ස්ථානාධිපති සී. අයි. කොඩිතුවක්කු මහතාගේ උපදෙස් පරිදි සැරයන්වරුන් වන එම්. ඩී. එස්. ටී. අබේරත්න, එස්. ජේ. අයි. කලංසූරිය, ඩබ්ලිව්. එච්. ආරියරත්න යන මහත්වරුන් විසින් සැකකරු අත් අඩංගුවට ගෙන පොලිසියට භාරදි ඇත.

අහංගම – සුගතපාල දීයගහගේ, වංචාවල – ගැමුණු චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment