පෙම් සබඳතාව බිඳ වැටුණැයි සිත් බිඳී – ආච්චීට දුන්  බෙහෙත් පෙති බී  සිසුවිය මියයයි

1367

* ළාබාල පේ‍්‍රමයේ තවත් ඛේදනීය සිදුවීමක්

වසර දෙකක පෙම් සබඳතාවක් බිඳ වැටීමෙන් කළකිරීමට පත් 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් ඇගේ අත්තම්මාට ගෙනැවිත් තිබූ සායනික ඖෂධ පෙති විශාල ප‍්‍රමාණයක් පානය කිරීම නිසා මියගොස් ඇතැයි ගම්පොළ කුරුඳුවත්ත පොලිසිය පවසයි.

පෙම් සබඳතාව බිඳ වැටුණැයි සිත් බිඳී - ආච්චීට දුන්  බෙහෙත් පෙති බී  සිසුවිය මියයයි

මෙසේ මියගොස් ඇත්තේ ගඟ ඉහළ කෝරළයේ මීතලාව ප‍්‍රදේශයේ පදිංචි හසිනිකා ප‍්‍රබෝධනී මාරසිංහ නමැති පාසල් ශිෂ්‍යාවයි.

ඇය අපොස උසස් පෙළ පන්තියේ  ඉගෙනුම ලැබූ අතර. මෙම ශිෂ්‍යාවගේ පියාගේ, මිතුරෙකුගේ පුතා සමඟ මෙම ශිෂ්‍යාව පෙම් සබඳතාවක් පවත්වාගෙන  ගොස් ඇත. මෙම පියාගේ මිතුරා මහියංගණ ප‍්‍රදේශයේ අයෙකු බව පොලිසිය පවසයි.

මියගිය හසිනිකාගේ පියා වන නිශාන්ත මාරසිංහ යන අය පවසා ඇත්තේ මහියංගණ ප‍්‍රදේශයේ තම මිතුරා සමඟ පැවැති හිතවත්කම නිසා එම පවුලේ අය ගම්පොළ, මීතලාව තම නිවසට නිතර ආ ගිය බවයි.

ඒ අවස්ථාවලදී මිතුරාගේ පුතා තම දියණිය සමග මේ හිතවත්කම ඇති කරගෙන ඇති බවද ඔහු පවසා සිටී.

පසුගියදා මෙම ශිෂ්‍යාවට ලැබී ඇති දුරකථන ඇමතුමකින් කියැවී ඇත්තේ ඇගේ පෙම්වතා වෙනත් සබඳතාවක් පවත්වාගෙන යන බවයි. එම පෙම්වතියගෙන්ද මෙම ශිෂ්‍යාවට ලැබුණු දුරකතන ඇමතුම්වලින් ඇයට තර්ජනය කිරීම්ද සිදු වූ බව පියා පවසයි. ඒ අනුව නොකා නොබී සිටී මෙම සිසුවිය ඇගේ අත්තම්මාගේ පෙෂර් හා දියවැඩියා රෝගී තත්ත්වයට ගෙනැවිත් තිබූ සායනික බෙහෙත් පෙති පානය කර තිබේ.

අසාධ්‍ය වූ ඇය ගම්පොළ රෝහලට ගෙනැවිත් තිබුණද ඇය මෙසේ මියගොස් ඇත. මේ පිළිබඳව ගම්පොළ රෝහලේ හදිසි මරණ පරීක්ෂක නලීන් මැදිවක මහතා මරණ පරීක්ෂණය පැවැත්වූ අතර රෝහල් අධිකරණ වෛද්‍ය නිලධාරී ශාන්ත හේරත් මහතා දන්වා තිබුණේ අධික ඖෂධ ප‍්‍රමාණයක් ශරීරගත වීම නිසා හෘදය අක‍්‍රීය වීමෙන් මෙම මරණය සිදුවී ඇති බවයි.

කුරුඳුවත්ත පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක කුමාරගේ මහතාගේ උපදෙස් මත පො.සැ. (15252) පෙරේරා මහතා සාක්ෂි මෙහෙය විය.

ගම්පොළ – සුරංග දිල්හාන්

advertistmentadvertistment
advertistmentadvertistment