පෙරටුගාමීන් නැවත ජවිපෙට?

1952


පවතින දේශපාලන අර්බුදකාරී තත්ත්වය සහ අරගලකරුවන් මර්දනය ඇතුළු කරුණු කාරණා ගණනාවක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය අතර සාකච්ඡාවක් ඊයේ (31) රාත්‍රියේ බත්තරමුල්ලල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී සිදුව ඇත.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ල ජාතික ජනබලවේගයේ කළ ඉල්ලීමකට අනුව මෙම සාකච්ඡාව සිදුව ඇති අතර එහිදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමල විසි එක් වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු දේශපාලන ප්‍රතිසංස්කරණල ආණ්ඩුව සැලසුම් සහගතව සිදු කරන අරගලකරුවන් මර්දනය සහ කරුණු කාරණා ගණනාවක් සම්බන්ධයෙන් පුළුල් වශයෙන් සාකච්ඡා කර තිබේ.

මෙම අවස්ථාව ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ආචාර්ය හරිනි අමරසූරිය ල කේඩී ලාල්කාන්ත ල ආචාර්ය අරුණ කරුණාතිලක ල මහින්ද රත්නායක පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් පුබුදු ජයගොඩල චමීර කොස්වත්ත සහ චන්දන සිරිමල්වත්ත යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

එම සාකච්ඡාව අවසානයේ ජාතික ජන බලවේගයේ කේ ඩී ලාල්කාන්ත මහතා සඳහන් කළේ මීට ප්‍රථම ද ආපදා අවස්ථාවන්හිදී මෙවැනිම සාකච්ඡා පවත්වා ඇති බවත් මෙහිදී දෙපාර්ශවයේ ද පොදු අවබෝධයක් ඇති කර ගැනීමට හැකි වූ බවත්ය’ එම පොදු අවබෝධය ඉදිරි දේශපාලන වෙනස්වීම් මත භාවිතාවට ගත හැකි බවත් හෙතෙම කීවේය.

මෙහිදී අදහස් දැක්වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පුබුදු ජයගොඩ මහතා සඳහන් කළේ සිය පක්ෂය විපක්ෂයේ පක්ෂ ගණනාවක් සමඟ සිදු කෙරෙන සාකච්ඡාවන්ට අනුව මෙම හමුව සිදු වූ බවත් එහිදී පවතින දේශපාලන වාතාවරණය ඇතුළු කරුණු කාරණා ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් ය ග ඉදිරි සාකච්ඡාව අවශ්‍යතාවය සඳහා ජනතා විමුක්ති පෙරමුණෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇති බව ද හෙතෙම මෙහිදී පැවසීය.

advertistmentadvertistment
advertistmentadvertistment