පෙරටුගාමීහු පක්ෂ කීපයක් සමග සාකච්ඡා පවත්වති

279

ජවිපෙත් ඉක්මනට සාකච්ඡාවක් දෙයි කියා හිතනවා – පුබුදු ජයගොඩ කියයි

ජන අරගලයේ අභිලාෂයන් ජයග්‍රහණය කිරීමේ ක්‍රියාමාර්ග, ආණ්ඩුව විසින් උද්ඝෝෂකයන්ට එරෙහිව මුදා හරින මර්දනය සම්බන්ධ වැඩපිළිවෙළ හා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම” යන තේමා ඔස්සේ සාකච්ඡා කිරීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය විපක්ෂයේ දේශපාලන පක්ෂ හා වාමාංශික පක්ෂ ගණනාවකට මැයි 14 වැනිදා ආරාධනා කළ බවත් ඒ අනුව මැයි 16 වැනිදා 43 සේනාංකය සමගද, මැයි 17 වැනිදා එක්සත් සමාජවාදී පක්ෂය සමගද සාකච්ඡා පැවැත්වූ බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය. මැයි 18 උදෑසන සමාජවාදී ජනතා සංසදය, දෙමළ ජාතික සන්ධානය හා සමගි ජන බලවේගය සමග ද සාකච්ඡා පැවැති බවද ඒ මහතා කීවේය. දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡාව වැල්ලවත්ත, දයා පාරේ එම පක්ෂයේ කාර්යාලයේ පැවැත්විණි. සමගි ජන බලවේගයේ සාකච්ඡාව කොළඹ 8, මාකස් ප්‍රනාන්දු මාවතේ, අංක 40 ස්ථානයේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ පැවැත්විණි. සාකච්ඡාවක් සඳහා ජනතා විමුක්ති පෙරමුණට ද ආරාධනා කර ලිපියක් යැවූ බවත් පවතින තත්ත්වය තුළ අවබෝධයකින් කටයුතු කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ සමග ඉක්මනින් සාකච්ඡාවක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් පුබුදු ජයගොඩ පැවසීය.

චමින්ද සිල්වා

 

advertistmentadvertistment
advertistmentadvertistment