පෙරටුගාමීහු හා මනෝ ගනේෂන්ලා සාකච්ඡාවක

168

පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ දෙමළ ප්‍රගතිශීලී සන්ධානය අතර සාකච්ඡාවක් ඊයේ (24දා) කොහුවල, ශ්‍රී මහා විහාර මාවතේ, අංක 28 දරණ ස්ථානයේ පිහිටි දෙමළ ප්‍රගතිශීලී සන්ධාන කාර්යාලයේදී පැවැත්විණි. එයට පෙරටුගාමී සමාජවාදී පක්ෂය වෙනුවෙන් එහි මධ්‍යම කාරක සභිකයන් වන පුබුදු ජයගොඩ, සංජීව බණ්ඩාර යන මහත්වරු ද, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය වෙනුවෙන් එහි නායක මනෝ ගනේෂන්, නියෝජ්‍ය නායක දිගම්බරන්, එහි මහ ලේකම්වරයා සහ ප්‍රියානි ගුණරත්න යන මහත්මහත්මීහු ද සහභාගි වූහ.

සාකච්ඡාවෙන් පසු මාධ්‍යයට අදහස් දැක්වූ පුබුදු ජයගොඩ මහතා-

පෙරටුගාමීහු හා මනෝ ගනේෂන්ලා සාකච්ඡාවක

“මූලික වශයෙන් ජන අරගලයේ අභිලාෂයන් ජයග්‍රහණය කරවීම, ජනතාවට එල්ල වන මර්දනයට හා අත්අඩංගුවට ගැනීම්වලට එරෙහිවීම, විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කිරීම යන මාතෘකා සාකච්ඡා වුණා. ඒ සම්බන්ධයෙන් පක්ෂ දෙක අතර එකඟතාවක් ඇතිවුණා. වතු කම්කරු ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා එක්සත් ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන්ද අවබෝධයක් නිර්මාණය වුණා” යැයි පැවසීය.

සාකච්ඡාවේ අවස්ථාවක් ඡායාරූපයේ දැක්වෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment