පෙරදිග ආසියාව පිළිබඳව ස්වදේශීය භාෂාවලින් ලියන ලද මාහැඟි ග්රන්ථ අතරින් සමහරක් ඉංග්‍රීසි බසට පරිවර්තනය කර හෝ ලියා පළ කර ඇත. එහෙත් සිංහල භාෂාවෙන් එම භූ දේශපාලනික ප්‍රදේශ පිළිබඳව ලියවී ඇති ග්රන්ථ ඇත්තේ ඉතාම ස්වල්පයකි. ඞී.ජී.ඊ හෝල්ගේ A History of South East Asia (අග්නිදිග ආසියානු ඉතිහාසය) නම් කෘතියේ සිංහල පරිවර්තනය සහ කේ.එම්. පනික්කාර්ගේ Asia and Western Dominance (ආසියාව හා බටහිර ආධිපත්‍යය) යන කෘති මෙරට විද්‍යාර්තීන් අතර ප්‍රචලිතය. මේවාට අමතරව වාණිජ පරමාර්ථ ඇතිව හෝ හුදු පුද්ගලික ජනප්‍රියත්වය උදෙසා කරන ලද ශාස්ත්‍රීය ප්‍රකාශන බොහෝය. එහෙත් එ්වායේ ශාස්ත්රෝද්දීපන හැකියාව අල්පය. එවන් පසුබිමක් තුළ ගැඹුරු විෂය දැනුමකින් සහ අදාළ භූ දේශපාලනික ප්‍රදේශ සම්බන්ධයෙන් පවත්නා පරිණත අවබෝධයකින් යුක්තව සම්පාදනය කරන ලද ග්රන්ථයක් ලෙස මහාචාර්ය මහින්ද වේරකේගේ පෙරදිග ආසියාව: චීනය, ජපානය සහ කොරියාව පිළිබඳ සංක්ෂිප්ත ඉතිහාසයක් (පුරාණයේ සිට අද දක්වා) යන කෘතිය උක්ත ග්රන්ථ අතුරින් සුවිශේෂය.
මහාචාර්ය මහින්ද වේරකේ විසින් රචිත පෙරදිග ආසියාව නම් කෘතියෙන් චීනය, ජපානය සහ කොරියාව සුවිශේෂී ශිෂ්ටාචාර ලෙස අතීතයේ තබා තිබූ සලකුණ එසේම පවත්වා ගනිමින් වර්තමානයේදී පෙරදිග ආසියානු කලාපය තුළ ස්වකීය බල ආධිපත්‍යය දීපව්‍යාප්ත කර ඇති ආකාරය අනාවරණය කරයි. පරිච්ෙඡ්ද දහතුනකින් සමන්විත මෙම ග්‍රන්ථයේ පළමු පරිච්ෙඡ්ද හතර වෙන්වන්නේ අතීතයේ සිට වර්තමානය දක්වා චීනයේ ඓතිහාසික විකාශනය පැහැදිලි කර දීමටය. පස්වන පරිච්ෙඡ්දයේ සිට අටවැනි පරිච්ෙඡ්දය දක්වා ජපානයේ ඓතිහාසික විකාශනයත්, නව වැනි පරිච්ෙඡ්දයේ සිට දොළොස්වන පරිච්ෙඡ්දය දක්වා කොරියාවේ ඓතිහාසික විකාශනයත් විස්තර කර ඇත. පුරාතන, මධ්‍යතන, නූතන ලෙස යුරෝකේන්ද්‍රීය ඉතිහාසය යුගගතකරණ Belt and Road Initiative සම්ප්රදාය ඔස්සේ මෙම රටවල අතීතයේ සිට වර්තමානය දක්වා සුවිශේෂී කාලවකවානු තුළ සිදු වූ සිද්ධි දාමයන්ගේ ප්‍රතිඵල ලෙස ඇති වූ පරිවර්තන පැහැදිලි කිරීමට කතුවරයා උත්සාහ කර ඇත. මෙම යුරෝ කේන්ද්‍රීය යුගගතකරණය ආසියානු රාජ්‍යයන්ගේ ඓතිහාසික විකාශනය විස්තර කිරීමට කෙතරම් දුරට යෝග්‍යද යන්න සම්බන්ධයෙන් ගැටලූ පවතී. එහෙත් මහාචාර්ය මහින්ද වේරකේගේ උත්සාහය වී ඇත්තේ ඉතා සරලව සහ සංක්ෂිප්තව චීනය, ජපානය හා කොරියාව ඒ ඒ කාල වකවානුවලදී ස්වදේශීය වශයෙන් වෙනස්කම්වලට භාජනය වන අතරතුර ජාත්‍යන්තර දේශපාලනයට එකී පරිවර්තන ප්‍රතිචාර දක්වමින් ක්‍රියා කළ ආකාරය පැහැදිලි කිරීමය.
ඕනෑම ජාතික රාජ්‍ය සීමාවක් තුළ හෝ වෙනයම් ආකාරයේ සමාජ සැකැස්මක් තුළ පවතින අතිවිශාල ගතිකත්වයකින් සපිරි කතිකාමය ‘අඩවියක්’ ලෙස සංස්කෘතිය හඳුනාගතහොත්, චීනය යනු පෙරදිග ආසියානු කලාපය තුළ එක්තරා සංස්කෘතික බල අඩවියකිග අතීතයේ සිටම ස්වකීය භාෂාව, ආගම, සම්ප්රදායයන් ආදිය ඒකරාශී වූ සංස්කෘතිය පෙරදිග ආසියාවේ අනිකුත් රාජ්‍යයන් කෙරෙහි සූක්ෂමව සම්පේ‍්‍රෂණය කිරීමට චීනය සමත් විය. චීනයේ සංස්කෘතික විප්ලවය පිළිබඳව මහාචාර්ය වේරකේ විසින් සංක්ෂිප්තව කරුණු සඳහන් කර තිබුණද, වර්තමාන ලෝක ක්‍රියාකාරිත්වය දෙස අවධානය යොමු කිරීමෙන් එදා ඇති වූ එම සංස්කෘතික විප්ලවය කෙතරම් පුළුල් පරාසයක අද වන විට ව්‍යාප්තව පවතින්නේද යන්න තේරුම් ගැනීම අපහසු නැත.
ජපානය තුළ ඇතිවූ ප්‍රධාන සමාජ, ආර්ථික හා දේශපාලන සංසිද්ධීන් නූතන ලෝකයටත්, ආසියානු කලාපයටත්, වත්මන් ජපානයේ ස්ථාවර පැවැත්මටත් හේතු වූ ආකාරය ඉතා සංක්ෂිප්තව එහෙත් පාඨකයාට නිරවුල් අවබෝධයක් ලැබෙන අයුරින් විස්තර කරදීමට මහාචාර්ය වේරකේ උත්සාහ කර ඇත. ජපානයේ දේශපාලනික හා සමාජ ආර්ථික පරිසරය වෙනස් කිරීමට හේතු වූ ප්‍රබල සිදුවීම් දෙක වන 1868 දී ඇති වූ මෙයිජි ප්‍රතිෂ්ඨාපනය (කතුවරයා මීට යොදා ඇත්තේ පුනඃස්ථාපනය යන්නයි. නමුදු ප්‍රතිෂ්ඨාපනය යන්න වඩාත් සුදුසු යැයි සිතමි.) සහ 1945 දී දෙවන ලෝක සංග්රාම අවස්ථාවේදී පරමාණු බෝම්බ ප්‍රහාරයට ලක් වීමෙන් ජපානය නොසිතූ දරුණු ඉරණමකට මුහුණපෑමයි. අතීත අධිරාජ්‍යවාදී ජපානයේ ශ්‍රී විභූතිය එසේම පවත්වා ගනිමින් තමාට මුහුණ දීමට සිදු වූ බිහිසුණු අත්දැකීම හමුවේ නැවත වරක් නැගී සිටීමට ජපානය උත්සාහ ගත් ආකාරය සියලූ කරුණු සම්පිණ්ඩනය කරමින් ඉතා සරලව මහාචාර්ය වේරකේ විසින් ඉදිරිපත් කර ඇත.
චීනයේ හෙවනැල්ලක් බඳු කොරියාවෙහි ඓතිහාසික විකාශනය පුරාතන හා මධ්‍යතන යුගවලදී සිදු වූ ආකාරයත්, විවිධ කාලවලදී ඇතිවූ විශේෂිත සිදුවීම් කොරියානුවන්ට බලපෑ ආකාරයත් විස්තර කිරීමට මහාචාර්ය වේරකේ සිය කෘතියේ නවවැනි පරිච්ෙඡ්දයේ සිට දොළොස්වන පරිච්ෙඡ්දය තෙක් කොටස්වලින් උත්සාහ කර ඇත.
මහාචාර්ය මහින්ද වේරකේ සිය අවසාන පරිච්ෙඡ්දයෙන් විස්තර කර ඇති කරුණු අනුව ප්රත්යක්ෂ වන්නේ නුදුරු අනාගතයේදී පෙරදිග ආසියාව තුළ චීනයේ නැගී ඒම ආසියානු බල තුලනයට ගැටලූවක් වනු ඇති බවයි. චීනයට සමගාමීව ජපානය හා දකුණු කොරියාව ද ආර්ථික වශයෙන් ඉදිරියට යෑම පැහැදිලිව දක්නට ලැබෙයි. බටහිර ලෝකය හා චීනය අතර සබඳතා තරකර ගැනීමේ නව චීන ප්‍රතිපත්තිය වන ඊැකඑ ්බා ඍද්ා ෂබසඑස්එසඩැ යටතේ චීනයට ඉන්දියන් සාගරයේ බොහොමයක් රාජ්‍යයන්හි සහයෝගය අත්‍යවශ්‍යය. අනෙක් අතට අභ්‍යවකාශ තරණය, න්‍යෂ්ටික අවි අත්හදා බැලීම මෙන්ම තාක්ෂණික වශයෙන් ඉහළ යුද්ධෝපකරණ නිපදවීම දිනෙන් දින වර්ධනය කරන උතුරු කොරියාව, ජපානය හා චීනය මෙම කලාපය තුළ ‘අනිසි තිගැස්මක්’ ඇති කර ඇත. ඉතාමත් තරඟකාරී උණුසුම් තත්ත්වයක් අනාගතයේදී ඇතිවුවහොත් එය ලෝක සාමයට පවා තර්ජනයක් වනු ඇති බව මහාචාර්ය මහින්ද වේරකේ සිය කෘතිය අවසානයේදී පාඨකයා වෙත යමක් සිතන්නට ඉතිරි කර ඇත.
පෙරදිග ආසියාවේ වඩාත් අවධානයට ලක්වූ රාජ්‍යයන් ත්‍රිත්වයක් වන චීනය, ජපානය හා කොරියාවේ එකිනෙකට ආබද්ධ වූ සිද්ධි සමුදාය ඉතාම සංක්ෂිප්තව එහෙත් නිරවුල්ව පෙරදිග ආසියාව, චීනය, ජපානය සහ කොරියාව පිළිබඳ සංක්ෂිප්ත ඉතිහාසයක් යන කෘතිය තුළින් ඉදිරිපත් කිරීමට මහාචාර්ය වේරකේ දරා ඇති උත්සාහය විශිෂ්ටය.
* ආචාර්ය අනුත්තරාදේවී විද්‍යාලංකාර
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
කොළඹ විශ්වවිද්‍යාලය