පෙරළිකාර රසවතාගේ මිලියන තුනක අභියෝගය

438

ශ‍්‍රී ලාංකික රූපවාහිනී වැඩසටහන් අතර පේ‍්‍රක්ෂක බුද්ධියට ආමන්ත‍්‍රණය කරන අතළොස්සක් වූ වැඩසටහන් අතර සිරස ලක්ෂපති වැඩසටහනට හිමිවන්නේ ප‍්‍රමුඛ ස්ථානයකි. විශාල පේ‍්‍රක්ෂක ආකර්ෂණයක් දිනා තිබෙන සිරස ලක්ෂපති වැඩසටහනට ඉදිරිපත්වීමට තරගකරුවන් අතර පවතින්නේද විශාල උනන්දුවකි. සිරස ලක්ෂපති වැඩසටහනට පසුගිය සතිඅන්තයේදී එවැනි ඉතාමත් අපූරු තරගකරුවෙකු සහභාගි විය. බත්තරමුල්ල ප‍්‍රදේශයේ පදිංචි ඔහු නමින් ජූඞ් පෙරේරාය. හුරුබුහුටි පුතුන් දෙදෙනකුගේ ආදරණීය පියෙකු වන ජූඞ් වැඩසටහන ආරම්භයේ සිටම ආකර්ෂණීය තරගකරුවෙකු ලෙස කැපී පෙණුනේ ඔහු සතු දැනුම මෙන්ම විනෝදකාමී ආකාරයෙන් තරගයට මුහුණ දීම නිසාය.

වැඩසටහනේදී අසනු ලැබූ ප‍්‍රශ්න වලට පිළිතුරු දීමේදී ඔහු විදහා දැක්වූ කුසලතාව මෙන්ම සැහැල්ලු හැසිරීම් රටාවද ලක්ෂපති වැඩසටහනට ගෙන ආවේ සිත්ගන්නා සුළු මුහුණුවරකි. ලක්ෂපති වේදිකාව මතදී අපූරු ගායනයක් සමඟ මනරම් නර්තනයක්ද ඉදිරිපත් කරමින් පේ‍්‍රක්ෂකයන් පිනවීමට මේ තරගකරුවා අමතක නොකළේ, තමන් සතුව තවත් සුවිශේෂී හැකියාවන් පවතින බවද මනාව පිළිබිඹු කරමිනි.ුමේ වන විට ප‍්‍රශ්න 11කට නිවැරදිව පිළිතුරු ලබාදෙමින් උපකාරක අවස්ථා දෙකක්ද තවමත් තමන් සතු කරගනිමින් මිලියන තුනක් දිනාගැනීමේ මාවතේ ඉතාමත් ස්ථාවර ස්ථානයක ජූඞ් රැඳී සිටියි. ඉතින් මේ සැහැල්ලු විනෝදකාමී රසවතාට ලක්ෂපති ගමන්මගේ ප‍්‍රථම වතාවට මිලියන තුන දිනාගැනීමට හැකිවෙයිද? එය දැක ගැනීමට එකතුවන්න.. සිරස ලක්ෂපති සමඟින් මේ සෙනසුරාදා රාත‍්‍රී 7.30ට.

advertistmentadvertistment
advertistmentadvertistment