පෙරළුණු කුප්පි ලාම්පුවෙන් ග‍්‍රෑන්ඩ්පාස් නිවාස 25ක් අළුවෙයි

346

ග‍්‍රෑන්ඩ්පාස්, ෆර්ගියුෂන් පාර, කජීමා වත්තේ ඊයේ (25 දා) අලූයම 12.30 ට ඇතිවූ ගින්නකින් නිවාස 23 ක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි ග‍්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසයි.

මෙම ගින්නෙන් දෙදෙනකුද සුළු තුවාල ලබා තිබේ.

ගින්න හටගැනීමත් සමග කොළඹ මහ නගර සභාවට අයත් ගිනි නිවීමේ රථ 5 ක් පැමිණි අතර ගින්න පැය තුනක කාලයක් තුළදී මැඬ පැවැත්වීමට ගිනි නිවීමේ භටයන් සමත් වූහ.

භූමිතෙල් කුප්පි ලාම්පුවක් පෙරළී යෑමෙන් ගින්න හටගන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

මේ පිළිබඳව ග‍්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක තාරක විජේසිංහ මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment