පෙරළුණු ත‍්‍රිරෝදයට යටවුණ එකොළොස් හැවිරිදි දරුවා මරු තුරුළේ

107

කටාන, කදිරාන බේස්ලයින් මාර්ගයේදී පෙරේදා (23 දා) සවස සිදු වූ රිය අනතුරින් ත‍්‍රීරෝද රථයක පිටුපස ගමන්ගත් 11 හැවිරිදි දරුවකු මරුමුවට පත්ව ඇතැයි කටාන පොලිසිය පවසයි.

කදිරාන හන්දිය දෙස සිට කුළුණ හංදිය දෙසට ධාවනය වූ ත‍්‍රීරෝද රථයක් එක්වරම යූ හැඩයට හැරවීමේදී ත‍්‍රීරෝද රථය පෙරළී යෑමෙන් මෙම අනතුර සිදුව ඇතැයි හෙළි වූ බව පොලිසිය කියයි.

එක් වරම හැරවීමත් සම`ග ත‍්‍රීරෝද රථයේ පිටුපස සිටි දරුවා එළියට විසි වී ඇති අතර ඒ අවස්ථාවේදී දරුවාගේ ශරීරය මතට ත‍්‍රිරෝද රථය පෙරළී ඇතැයි හෙළි වූ බව පොලිසිය කියයි.

අනතුරින් බරපතළ තුවාල ලැබු දරුවා සහ ති‍්‍රරෝද රථය පැද වූ ඥාති සහෝදරයා මීගමුව රෝහලට ඇතුළත් කළ අතර, දරුවා පැයකට පසු මියගිය බව පොලිසිය පවසයි.

ත‍්‍රිරෝද රථය පැදවූ රියදුරුගේ නොසැලකිලිමත් හා අපරීක්‍ෂාකාරී රිය ධාවනය හේතුවෙන් එම අනතුර සිදුව ඇතැයි පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය විය.

අනතුරින් මියගොස් ඇත්තේ තිඹිරිගස්කටුව පදිංචිව සිටි දරුවෙකි.

මේ පිළිබඳව කටාන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක තුෂාර ද සිල්වා මහතාගේ උපදෙස් මත රථවාහන විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්‍ෂක දහනායක මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment