පෙරෙට්ටුවේදී හඳුනා නොගත් සිරිධම්ම හිමිට සහ මුදලිගේට ඇප

263

වෙන නඩුවකට මුදලිගේ යළි ඇතුළට

දින 108 ක් තිස්සේ පොලිස් රැඳවුම් භාරයේ හා රක්‍ෂිත බන්ධනාගාරයේ රඳවා සිටි අන්තර් විශ්වවිද්‍යාල භික්‍ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් හා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ යන දෙදෙනා ඇපමත මුදා හැරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් චානිමා විජේබණ්ඩාර මහත්මිය ඊයේ (06 දා) නියෝග කළාය.

ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැති විරෝධතාවකදී එහි පොදු දේපළවලට හානි කිරීමේ චෝදනාව යටතේ තලංගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාට එරෙහිව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබේ.

පෙරෙට්ටුවේදී හඳුනා නොගත් සිරිධම්ම හිමිට සහ මුදලිගේට ඇප

ඊයේ එම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී සැකකාර ගල්වැව සිරිධම්ම හිමියන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කළත් එහිදී සැකකරු හඳුනා ගැනීමට පෙරෙට්ටුවට ඉදිරිපත් වූ පොලිස් නිලධාරීන්ට නොහැකි විය. ඒ අනුව සැකකරුවෝ දෙදෙනා ඇපමත මුදාහැරීමට මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

දින 108 ක රැඳවුම් කාලසීමාවකින් පසුව ඇප මත මුදාහැරිය ගල්වැව සිරිධම්ම හිමියන් ඊයේ සිය සටන් සගයින් සමග එක්වූවත් වෙනත් අධිකරණයක පවතින නඩු විභාගයක් නිසා බන්ධනාගාරගත කර සිටින වසන්ත මුදලිගේ නැවතත් රක්‍ෂිත බන්ධනාගාරයට රැගෙන ගියේය.

කමල් බෝගොඩ සහ කඩුවෙල – සුගත් ප්‍රේමතිලක
ඡයාරූප- කමල් බෝගොඩ

advertistmentadvertistment
advertistmentadvertistment