පෙරේදා පණගැන්වූ නොරොච්චෝලේ බලාගාරය  ඊයේ යළි කැඩිලා  

80

මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ අකි‍්‍රයව තිබූ නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ මෙගාවොට් 300 තුන්වැනි බලාගාරය පෙරේදා (31දා) විදුලි උත්පාදන කටයුතු ආරම්භ කළත් ඊයේ (01 දා) සිට යළි එය අකි‍්‍රයව තිබේ.

එහි පවතින තාක්‍ෂණික දෝෂයක් මත යළි එය අකි‍්‍රයවීම නිසා එමගින් ජනනය කර ජාතික විදුලි පද්ධතියට එක්කළ මෙගාවොට් 160 යළි නතර වූ බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේය. කෙසේ වෙතත් මේ වනවිට කැලණිතිස්ස බලාගාර පරිශ‍්‍රයේ තිබෙන බලාගාර දෙක හා සපුගස්කන්ද දැවි තෙල් බලාගාරය කි‍්‍රයාත්මකව පවතින නිසා විදුලිය කපා නොහැර පද්ධතිය පවත්වාගෙන යන බව ලංවිම ඉංජිනේරුවෝ කියා සිටිති.

මෙගාවොට් 300කින් සමන්විත නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ තුන්වන විදුලි උත්පාදන යන්ත‍්‍රය පෙරේදා (31දා) විදුලි ජනනය ආරම්භ කළ ද ඉන් ලබා ගත්තේ මෙගාවොට් 160ක් පමණි. මේ වනවිට විදුලි උත්පාදන බොයිලේරුව රත්ව තිබෙන නිසා එය යථාවත් කිරීමට දින දෙක තුනක් ගතවීමට ඉඩ තිබෙන බවද ඉංජිනේරුවෝ පවසති.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment