පේදුරුතුඩුව පොලිසියේ දී මරුවා අහක බලලා

683

අත්අඩංගුවට ගෙන යාපනය පේදුරුතුඩුව පොලිසියේ රිමාන්ඞ් භාරයේ තබා සිටි පුද්ගලයෙකු සිර මැදිරිය තුළ ගෙළ වැළලාගෙන මිය යෑමට ගත් උත්සාහයක් වැරදීම නිසා ඔහු බරපතළ ලෙස තුවාල ලබා 5 දා යාපනය පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කොට තිබේ.

බීමත්ව බිරිඳට පහරදීම හා අසල්වාසීන්ට තර්ජනය කිරීම යන වැරදි මත ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ බිරිඳගේ හා අසල්වාසීන්ගේ පැමිණිලිවලට අනුවය.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට පේදුරුතුඩුව පොලිසිය පියවර ගෙන තිබූ අතර ඊට පෙර ඔහු ගෙළ වැළලාගෙන මියයෑමට උත්සාහ කොට තිබේ. පේදුරුතුඩුව මහෙස්ත‍්‍රාත්වරයා පොලිසියට පැමිණ සිද්ධිය පිළිබඳ මූලික විමර්ශනයක් සිදු කොට තිබේ.

දිනසේන රතුගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment