පේදුරුතුඩුව හා වෙත්තලකර්නි මෙහෙයුමකදී අනවසර ට්‍රෝලර් යාත‍්‍රා දෙකක් දැලේ… ඉන්දියානු ධීවරයින් 23ක් නාවික හමුදා භාරයට…

221

ශී‍්‍ර ලංකා නාවික හමුදාව විසින් යාපනය පේදුරුතුඩුව හා වෙත්තලකර්නි ප‍්‍රදේශයට නැගෙනහිරින් ශී‍්‍ර ලංකාවට අයත් මුහුදු ප‍්‍රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් පැමිණ ධීවර කටයුතුවල නිරතවු ඉන්දියානු ට්‍රෝලර් යාත‍්‍රා දෙකක් සමග ඉන්දියානු ධීවරයින් 23 ක් නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ.

මෙහිදී මෙම ධීවර යාත‍්‍රාව තුළ නීති විරෝධී ධීවර ආම්පන්න තොගයක් සහ මසුන් තොගයක් නාවික හමුදා භාරයට ගෙන ඇත. නාවික හමුදාව විසින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කර විදේශීය ධීවරයින් විසින් අනවසරයෙන් සිදු කරනු ලබන ධීවර කටයුතු නැවැත්වීමේ අරමුණින් නිරන්තරයෙන් සිදු කරනු ලබන මුර සංචාරවල ප‍්‍රතිඵලයක් ලෙස මෙම ඉන්දියානු ධීවරයින් හා යාත‍්‍රා අත්අඩංගුවට ගෙන තිබේ. කොවිඞ් 19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ගෙන ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව සිදු කළ මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් හා ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා අදාළ අංශ වෙත භාරදෙනු ලබන තෙක් නාවික හමුදා භාරයේ තබා ගැනීමට නාවික හමුදාව විසින් පියවර ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment