පේරාදෙණියට දැන්වත් හොඳ කලක් යයිද?

1076

විශ‍්‍රාම යන උපකුලපතිට මිලිටරි පන්නයේ සමුදීමක්…!

නව උපකුලපතිට විසකුරු පිළිගැනීමක්..!

පේරාදෙණිය විශ්වවිද්‍යාලය සිය ඉතිහාසයේ පසුකරන ලද අඳුරුතම සහ කාලකණ්ණිතම කාල පරිච්ෙඡ්දය පසුගිය අගෝස්තු මස පළමු වැනිදායින් පසුව අවසන් වනු ඇතැයි විශ්වවිද්‍යාලයට හිතැති බහුතරයක් දෙනාගේ අපේක්‍ෂාවයි. එම අපේක්‍ෂාව දහස් ගණනක් වන අධ්‍යයන, අන්‍යධ්‍යන කාර්ය මණ්ඩලයේත් සිසු සිසුවියන්ගේත් සිත් තුළ රෝපණය වන්නේ 2015 උපකුලපති පුටුවට පැනගත් මානසික විකෘතියකින් පෙළෙන බව ඇතැමුන් කියන එක්තරා උපකුලපතිවරයකු සිය වසර 6 ක පාලනය අවසන් කර විශ‍්‍රාම යාම නිසාවෙනි. නීතිය සහ සදාචාරය තුට්ටුවකට මායිම් නොකරමින්, සියලූ සම්ප‍්‍රදායන් සුණු විසුණු කරලමින්, වසර 6 ක් පුරා භීෂණය පතුරවමින් ගෞරවණීය විශ්වවිද්‍යාලයක් දඩබිමක් කළ මෙම දේශපාලන සත්ත්වයා සිය විශ‍්‍රාමයේ අවසන් මොහොතේදීත් පේරාදෙණියට නොමැකෙන කැළලක් තබා යන්නට අමතක කළේ නැත. ඒ කථාව මෙසේය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයා පසුගිය අගෝස්තු 01 වන දින විශ‍්‍රාම යන අතර නව උපකුලපතිවරයා වශයෙන් මහාචාර්ය එම්. ඞී. ළමාවංශ අගොස්තු 04 වන දින වැඩ භාර ගැනීමට නියමිතව තිබුණි. විශ‍්‍රාම යන උපකුලපතිවරයා පේරාදෙණියේ 21 වන උපකුලපතිවරයා වන අතර අලූතින් වැඩ භාර ගන්නේ 22 වන උපකුලපතිවරයාය. මෙම දෙදෙනාට පෙර උපකුලපතිවරුන් 20 දෙනකුම සිය රාජකාරි කාලය අවසන් කර ඇති අතර ඒ අතර මහාචාර්ය ජෙනිංග්ස්, මහාචාර්ය අළුවිහාරේ වැනි දැවැන්තයන්ද සිටියෝය. එහෙත් ඒ කිසිවකුත් සිය රාජකාරි භාර ගැනීම හෝ අවසන් කිරීම හරසුන් සංදර්ශන බවට පත්කර ගැනීමට කටයුතු කළේ නැත. එවැනි බොළඳ සම්ප‍්‍රදායක් පේරාදෙණියේ නොව ශ‍්‍රී ලංකාවේ වෙනත් විශ්වවිද්‍යාලයකවත් පැවතෙන්නේ නැත. එහෙත් සියල්ලන්ටම වෙනස් විශ‍්‍රාම යන උපකුලපතිවරයාට සිය සමුගැනීම මහත් උත්සවාකාරයෙන් සැමරීමට අවශ්‍ය වූ අතර ඒ හා සමගාමීව නව උපකුලපතිවරයා වැඩ භාර ගැනීමද උත්සවාකාරයෙන් සැමරීමට යෝජනා කරන ලද්දේ නව උපකුලපතිවරයා සතුටු කිරීමට බව බැලූ බැල්මට පෙනී යාහැකි නමුත් ඇත්ත වශයෙන්ම ඒ පිටුපස සැ`ගව තිබුණේ දුෂ්ඨ අරමුණකි. ඒ පිළිබඳව විස්තර පසුවට තබා මෙම සංදර්ශනය පිළිබඳ විස්තර පළමුව කියමු.

හිටපු උපකුලපතිවරයා විශ‍්‍රාම යෑමත් නව උපකුලපතිවරයා වැඩ භාර ගැනීමත් සැමරීම සඳහා දැවැන්ත උත්සවයක් සංවිධානය කෙරුණ අතර එය පැවැත්වෙන ස්ථානය ලෙස මුලින් තෝරාගෙන තිබුණේ විශ්වවිද්‍යාලයේ ගෘහස්ත ක‍්‍රීඩාගාරයයි. මේ සඳහා
ක‍්‍රීඩාගාරයේ පසෙක අලූතින්ම වේදිකාවක් ගොඩනැංවීමට වැඩ දෙපාර්මේන්තුවට නියෝග කර තිබුණ අතර එහි සේවකයන් දිවා ? නොතකා එම කාර්යයේ නියැළෙමින් සිටියෝය. දහසකට ආසන්න පිරිසක් සහභාගිවෙතැයි අපේක්‍ෂා කරන ලද මෙම මහා මංගල්‍යය ප‍්‍රනීත ආහාර පාන, රස මසවුළු, රට බිම වර්ග මෙන්ම සංගීතයෙන්ද අඩුවක් නොමැතිව පැවැත්වීම හිටපු උපකුලපතිවරයාගේ අභිලාෂය වූ අතර ඒ සඳහා ලක්‍ෂ ගණනක මුදලක් වියදම් කිරීමට නියමිතව තිබුණි. හිටපු උපකුලපතිවරයා අන් සියලූ කරුණු අමතක කර පෞද්ගලිකවම මැදිහත්වෙමින් මෙම උත්සවය සංවිධානය කළ අතර එය තමන්ගේ පිළිමය තමන්ම නෙළා ගැනීමක් බවද කිවයුතුය. රට කොරෝනා වසංගතයෙන් පීඩා වි`දින මේ මොහොතේ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට පටහැනි ලෙස පැවැත්වීමට යන මෙම මහා මංගල්‍යයට එරෙහි බරපතළ විරෝධතාවයක් අධ්‍යයන සහ අනධ්‍යන කාර්ය මණ්ඩලය වෙතින් මතුවූ අතර කිසියම් පිරිසක් මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශයන්ටද පැමිණිලි කර තිබුණ බැවින් මෙම තකතීරු උත්සාහය අතර මැදදී අකුලා ගැනීමට හිටපු උපකුලපතිවරයාට සිදුවිය.

කෙසේ වෙතත් ඉන් පසුබට නොවුනු මෙම පුද්ගලයා පසුව අදාළ උත්සවය සනාථන මන්දිරය වෙත මාරු කරන ලද අතර ඒ අනුව පසුගිය 04 වන බදාදා දින මෙම මහා උත්සවය සනාථන මන්දිර පරිශ‍්‍රයේදී අතිශය විසුළු සහගත අංගවලින් යුතුව පැවැත්වුණි. ඉතිහාසයේ කිසිදින නොදුටු ලෙසින් ”ෆේස්බුක්” මගින් සජීවිව විකාශනය කිරීමට කටයුතු යොදා තිබුන නාඩගමෙහි විස්තරය මෙබඳුය. එදින පෙරවරුවේ සනාථන මන්දිර පරිශ‍්‍රය හමුදාපතිවරයෙක් හෝ සේනාංකාධිපතිවරයෙක් වැඩභාරගන්නා අවස්ථාවක සිරිය ගත් අතර සිය උත්සව නිල ඇදුම් ලාගත් විශ්වවිද්‍යාල ආරක්‍ෂක අංශයේ නිලධාරීන් සනාථන මන්දිර පිවිසුම් මාර්ගයන්හී සීරුවෙන් සිටිනු දක්නා ලදී. සනාථන මන්දිරයේ පියගැටපෙළ ඉදිරිපිට ආරක්‍ෂක පරීක්‍ෂකවරයකු සීරුවෙන් සිටියේ විශේෂ අමුත්තන් පැමිණෙන මෝටර් රථයේ දොරවල් ඇරීම පිණිසය. සනාථන මන්දිරය ඉදිරිපිට හමුදා උත්තමාචාරයක ආකාරයේ පිළිගැනීමක් සූදානම් කර තිබුන ඒ සඳහා උත්සව නිල ඇදුමින් සැරසුන ආරක්‍ෂක නිලධාරීන් 14 දෙනකුගේ කණ්ඩායමක් යොදවා තිබුණි. ඔවුන්ට අඩුවකට තිබුණේ ගිනි අවි පමණි. ඒ අසල නියෝජ්‍ය උපකුලපතිවරයා සහ වැඩබලන ලේඛකාධිකාරීවරිය සීරුවෙන් සිටින අයුරු දැකගත හැකිවූ අතර මල් කළඹක් ඇතිව තම තනතුර ස්ථීර කර ගැනීමේ පරම අධිෂ්ඨානයෙන් සිටින බව පෙනුන වැඩබලන ලේඛකාධිකාරීවරියගේ හැසිරීම තනතුරට තරම් නොවන අතර දකින්නන්ට අපුල ගෙන දුන් බවත් කිව යුතුය.

පෙරවරු 8.30 ආසන්න වේලාවේදී හිටපු උපකුලපතිවරයා සහ ඔහුගේ බිරිය රැගත් මෝටර්රථය එම ස්ථානයට පැමිණුන අතර ආරක්‍ෂක පරීක්‍ෂකවරයා විසින් සැලියුට් ගසා, දොර හැර එළියට වඩම්මාගත් පසු හිටපු උපකුපතිවරයා සහ බිරිය වෙත වැඩබලන ලේඛකාධිකාරීවරිය විසින් මල්කලඹ පිලිගන්වන ලදී. මෙහිදී වැඩබලන උපකුලපතිවරයාද වන නියෝජ්‍ය උපකුලපතිවරයා හිටපු උපකුලපතිවරයාව දෙකට නැවී පිළිගත් ආකාරයද හාස්‍යජනකය. එසේ වුවත් ඔහු නව උපකුලපතිවරයා පිළිගත් අවස්ථාවේදී එසේ කොන්ද නැමුවේ නැති බවද අපි හොඳහැටි දුටුවෙමු.

ඉන් අනතුරුව ”මිලිටරි උත්තමාචාරය” පිළිගනිමින් හිටපු උපකුලපතිවරයා සහ බිරිඳ සනාථන මන්දිරය වෙත ඇවිද ගිය අතර ඒ අවස්ථාවේදී හිටපු උපකුලපතිවරයා සිය මුව ආවරණය නිසි ලෙස පැළැඳ නොසිටින බව දකින්නට ලැබුණි. ඔහු සිය මුව සහ නාසය විවෘතව තබමින් තමන්ගේ මුව ආවරණය පැළැඳ සිටියේ නිකට පමණක් ආවරණය වන ලෙසය. එමගින් උත්සවයට සහභාගිවූ සියලූම දෙනා අනතුරේ හෙළීමට ඔහු කටයුතු කර තිබුණි. අන් පුරවැසියන්ට ක‍්‍රියාත්මක නීතිය හිටපු උපකුලපතිටත් අදාළ නම් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර, ඉන් පසු සෞඛ්‍ය අංශ නිර්දේශය යටතේ සති දෙකක නිරෝධායනයට යැවිය යුතු බව අපි යෝජනා කර සිටිමු.

මෙවැනිම මිලිටරි උත්තමාචාරයක් නව උපකුලපතිවරයා වෙතද පිරිනැමුණ අතර අනතුරුව ජාතික ධජය ඔසවන ලදී. එම අවස්ථාවේදීද මිලිටරි උත්තමාචාරයක් ප‍්‍රදානය කරන ලදී. අනතුරුව උපකුලපති කාර්යාලයට කැඳවාගෙන යන ලද නව උපකුලපතිවරයා කිසියම් ලියැවිල්ලක අත්සනක් තබා වැඩ ආරම්භ කරන නාටකයක් සංවිධානය කර තිබුන අතර එම අවස්ථාවට දෙපසින් සිටිමින් අත්පුඩි තැලීමට හිටපු උපකුලපතිවරයා මෙන්ම නියෝජ්‍ය උපකුලපතිවරයාද කටයුතු කර තිබුනේ ඇමැතිවරයෙක් සිය අමාත්‍යාංශයේ වැඩ භාරගන්නා අවස්ථාව සිහිපත් කරමිනි. මෙවැනි විගඩම් පේරාදෙණියේ කිසිදින සිදුව තිබුණේ නැත. පසුව තේපැන් සංග‍්‍රහය ඇතුළු මේ මහා මංගළ්‍යයේ ඉතිරි අංග සියල්ල සනාථන සභා ශාලාවෙහි පවත්වන ලදි. මෙහිදී හිටපු උපකුලපතිවරයා දීර්ඝ කථාවක් පවත්වමින් තම සය වසරක කෙරුවාව පිරිස හමුවේ තැබීමට කටයුතු කර තිබුණි.

මෙහිදී නව උපකුලපති ළමාවංශ තමනට ලැබුන මහත්වූ පිළිගැනීමෙන් සතුටට පත්වී සිටිය හැකි වුවත් එම සමස්ත උත්සවයම නව උපකුලපතිවරයා ඇද වැට්ටවීම සඳහා හිටපු උපකුලපතිවරයා විසින් කපන ලද ”බොරු වලක්” බව තේරුම් ගැනීමට තරම් බුද්ධියක් මහාචාර්ය ළමාවංශයන්ට ඇති බව අපි විශ්වාස කරන්නෙමු. හිටපු උපකුලපතිවරයා මෙම නාඩගම සංවිධානයෙන් ඉලක්ක දෙකක් සම්පූර්ණ කර ගනු ලැබීය. ඉන් පළමුවැන්න තමන්ට සාටෝපවත් සමුගැනීමක් බලහත්කාරයෙන් හෝ ලබාගැනීමය. එමගින් කැපී පෙනීමට සහ පිරිසක් ඉදිරියේ කථා පැවැත්වීමට ඔහු තුළ ඇති ළදරු ආශාව අපූරුවට සන්තර්පණය කරගනු ලැබීය. දෙවැන්න හෙවත් දුෂ්ඨ චේතනාව වඩා දරුණුය. එහිදී හිටපු උපකුලපතිවරයා සැලසුම් කර ඇත්තේ මෙවැනි නුසුදුසු අවස්ථාවක මිලිටරි පෙනුමක් සහිත මහා මංගල්‍යයක් පැවැත්වීම හේතුවෙන් ඊට එල්ල විය හැකි දරුණු විවේචන මගින් නව උපකුලපතිවරයා ආරම්භක අවස්ථාවේදීම සමාජය ඉදිරියේ අප‍්‍රසාදයට පත් කිරීමය. එම දුෂ්ට අරමුණ ඉතා හො`දින් සාක්‍ෂාත් කරගෙන ඇති වග මෙම උත්සවය හේතු කාරක කොටගෙන නව උපකුලපතිවරයාට සමාජ ජාල මගින් එල්ල කරන විවේචන මගින් පෙනේ.

පේරාදෙණියට දැන්වත් හොඳ කලක් යයිද?

මෙය මෙවැනි උත්සවයක් සඳහා නුසුදුසු අවස්ථාවක් වීමට හේතු ගණනාවක්ම ඇත. ඒවා කෙටියෙන් දක්වතොත් මෙසේය. රට තුළ පවතින්නේ දරුණු වසංගත තත්ත්වයක් වන අතර සියලූ ජන ඒකරාශීකිරීම් තහනම් කර ඇති අවස්ථාවක සේවකයන් සේවයට කැඳවන්නේ අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යෑම සඳහා පමණි. පාසල් ගුරුවරුන්ගේ විරෝධතාවයන් වෙනුවෙන් ආණ්ඩුව සහ තවත් බොහෝ පිරිස් ජප කරන ලද මන්තරය වූයේ එය සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට පටහැණි වන බවයි. එසේ නම් මෙවැනි හරසුන් නාඩගමක අත්‍යාවශ්‍යතාවය කෙබ`දුදැයි හිටපු උපකුලපතිවරයා පැහැදිලි කර දිය යුතුය. එසේම රට තුළ මිලිටරිකරණය යනුවෙන් මවාගත් සතුරෙක් සම්බන්ධයෙන් බලවත් විරෝධතාවයක්ද පවතී. එම විරෝධතාවයේ කැපී පෙනෙන කාර්යභාරයක් විශ්වවිද්‍යාල ප‍්‍රජාව විසින්ද ඉටුකරයි. එවැනි තත්ත්වයක් තුළ මිලිටරි ස්වරූපයේ උත්සවයක් පැවැත්වීම කෙතරම් සදාචාර සම්පන්නදැයි කල්පනා කර බැලිය යුතුය. එසේම රටේ ආර්ථිකය පවතින්නේ ඉතාම දුර්වල අඩියක බව රහසක් නොවේ. එවැනි තත්ත්වයක් තුළ දරුවන්ගේ උසස් අධ්‍යාපනයට වෙන්කරන ලද මුදලින් බාල් නැටීම බුද්ධිමතුන්ට තරම් නොවන ක‍්‍රියාවකි. අනෙක් කාරණය මෙවැනි විසුළු සහගත සම්ප‍්‍රදායක් විශ්වවිද්‍යාල ප‍්‍රජාව තුළ කිසි දිනෙක නොතිබීමයි. මෙම තත්ත්වය පූර්වාදර්ශ කර ගතහොත් ඉදිරියේදී ආරක්‍ෂක රථ පිරිවරා පියාඹා යෑම වැනි මෙරටේ දේශපාලඥයන් කරන සියලූ විකාර සහගත ක‍්‍රියාවන් විහ්වවිද්‍යාල ප‍්‍රධානීන් විසින් ද සිදුකිරීමට ඉඩ නැත්තේ නොවේ.

සිය විශ‍්‍රාමයේ මුවවිට සිටිමින් හිටපු උපකුලපතිවරයා තම දියණිය හොර පාරෙන් විශ්වවිද්‍යාල කාර්යමණ්ඩලය වෙත බඳවා ගැනීමට කටයුතු කර ඇති බව අප මීට පෙර කරන ලද හෙළිදරව්වෙන් වියරු වැටුන හිටපු උපකුලපතිවරයා ඒ හා වහාම බඳවාගැනීමට අදාළ අංශ වල සියලූ නිලධාරීන් තම කාර්යාලයට කැඳවා දෙහි කපා ඇත්තේ මෙම තොරතුරු මාධ්‍ය වෙත ලබා නොදිය යුතු බවට තර්ජනය කරමිනි. මෙම තැනැත්තිය බදවාගෙන ඇත්තේ සම සෞඛ්‍ය විද්‍යාපීඨයේ ආචාර්යමණ්ඩලයට වන අතර එහිදී උපකුලපතිවරයාගේ දියණිය බව සැගවීම පිණිස භාවිතා කර ඇත්තේ ඇයගේ විවාහක ස්වාමිපුරුෂයාගේ වාසගමය. නමුත් මෙම තැනැත්තියගේ සියලූ සහතික ඇත්තේ දිසානායක නමිනි. මෙය කොලේ වසා ගැහිල්ලක් බව අමුතුවෙන් කිවයුතු නැත. තමන් නිවැරදි නම් හිටපු උපකුලපතිවරයාට කලබල වීමට කාරණයක් නැත. ඉදින් ඔහු සිදුකළ යුත්තේ මෙවැනි වංචාකාරී තොරතුරු මාධ්‍යවලට හෙළිදරව් නොකරන මෙන් නිලධාරීන්ට තර්ජනය කිරීම නොව එවැනි වැරදි සිදු නොකර සිටීමය. මේ සම්බන්ධයෙන්ද සොයා බැලීම නව උපකුලපතිවරයාගේ වගකීමය.

මේ අතර හිටපු උපකුලපතිවරයාගේ සට්ටැඹියන් ඔහුගේ ද්‍රෝහී වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යමින් සේවකයන්ගෙන් පළිගැනීම අඛණ්ඩව සිදුකරගෙන යන ආකාරයක් දක්නට ලැබේ. (සට්ටැඹියා යනු පෙර රජවරුන්ගේ වැසිකිලි, කැසිකිලි කටයුතු භාරව කටයුතු කල නිලධාරියා බව මතක තබා ගත යුතුය) මෙම ක‍්‍රියාවන් නව උපකුලපතිවරයා අප‍්‍රසාදයට පත් කිරීමේ කුමන්ත‍්‍රණකාරී වැඩ සටහනේම එක් කොටසකි. නව උපකුලපතිවරයා වැඩ භාරගත් වහාම සිදුකරන මෙම අවකල් ක‍්‍රියාවන් මගින් විශ්වවිද්‍යාල ප‍්‍රජාවට ඒත්තු ගැන්වීමට උත්සාහ කරන්නේ දෙදෙනාම එක් අයෙක් මිස දෙදෙනකු නොවන බැවින් සියලූ ජනතා ද්‍රෝහී වැඩ සටහන් අඛණ්ඩව ඉදිරියට යනු ඇති බවයි.

ඒ අනුව නව උපකුලපතිවරයා වැඩ භාරගත් වහාම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පුස්තකාලයේ සේවය කරන විඥාපන නිලධාරියකු වන වී. ක‍්‍රිෂ්ණමූර්තිගෙන් පළිගැනීමේ ක‍්‍රියාවලිය නැවතත් ඇරඹී ඇති අතර එය නව උපකුලපතිවරයාගේ අනුදැනුමෙන් තොරව ක‍්‍රියාත්මක වන බව අපි විශ්වාස කරමු. මේ සඳහා කටයුතු කර ඇත්තේ හිටපු උපකුලපතිවරයාගේ බලවත් අන්තේවාසිකයකු වන සහ ඔහුගෙන් පුස්තකාලයාධිපති තනතුර ප‍්‍රධානයක් ලෙස ලබාගත් අම්බරුවෙකි. (මොහු පසුගිය කාලසීමාවේ මහමැතිවරණයකට මහනුවර දිස්ත‍්‍රික්කයෙන් ඡුන්දය ඉල්ලා අන්ත පරාජයකට පත් පුද්ගලයෙකි) ක‍්‍රිෂ්ණමූර්ති මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය පුස්තකාල හා විඥාපන නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයා වන අතර පසුගිය මැතිවරණවලදී ජනාධිපතිවරයාගේ සහ පොදුජන පෙරමුණේ ජයග‍්‍රහණය උදෙසා අසීමිත ලෙස කැපවූ පුද්ගලයකුද වේ. මෙම හේතුව නිසාම ප‍්‍රභල එක්සත් ජාතික පාක්‍ෂිකයකු වන හිටපු උපකුලපතිවරයාට ක‍්‍රිෂ්ණ මූර්ති නයාට අ`දුකොළ මෙන් විය. පසුගිය කාලය පුරාවටම ඔහුගෙන් විවිධ ආකාරයෙන් පළිගැනීම සිදුකළ අතර ඒ අතර සති දෙකකට සීමාවන අභ්‍යන්තර ස්ථාන මාරු කිරීම්, අවවාදාත්මක ලිපි නිකුත් කිරීම්, බැණ වැදීම්, නින්දා කිරීම් මෙන්ම ධාරිතාවය ඉක්මවා යන වැඩ පැවරීම්ද විය. මෙම පීඩනය සීමාව ඉක්මවා යන බව දක්නා ලද කල්හී මූර්ති මහතා මේ පිළිබඳව ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි දෙකක්ද ගොනු කිරීමට කටයුතු කර තිබුණි. මෙම පළිගැනීම් සිදුවන අවස්ථාවලදී අදාළ ප‍්‍රධානියා කිසිදු හිරිකිතයක් නොමැති ලෙස ඔහුට බොහෝ වරක් පවසා ඇත්තේ ”මට කරන්න දෙයක් නෑ මේව ලොක්කගේ නියෝග” යනුවෙනි. එහි නවතම පියවර ලෙස පසුගිය 06 වන දා ක‍්‍රිෂ්ණමූර්ති මහතාට අවවාදාත්මක ලිපි දෙකක්ම එකවර නිකුත් කර ඇත. මෙහි විශේෂත්වය එකම වරදට එකම දිනෙක අවවාදාත්මක ලිපි දෙකක් එකවර නිකුත් කිරීමය. මේ සඳහා පාදක කරගෙන ඇත්තේ සම්පූර්ණයෙන්ම ගොතන ලද අසත්‍ය සිදුවීමකි. කෙසේ වුවත් අදාළ චෝදනාව පිළිබඳව නිදහසට කරුණු විමසීමක් හෝ විධිමත් ලෙස මූලික පරීක්‍ෂණයක් පැවැත්වීමක් සිදුකර නැත. පේරාදෙණියට වලංගු නොවුනත් මෙම තත්ත්වය නීතියේ මූලික සිද්ධාන්තයක් වන ”ස්වභාවික යුක්තියට” පටහැනි බව අමුතුවෙන් කිව යුතු නැත. තමන්වද අප‍්‍රසාදයට පත්කරන මෙවැනි තිරස්චීන පළිගැනීම් තම අනුදැනුමෙන් තොරව ක‍්‍රියාත්මක වන්නේ නම් ඒ පිළිබඳව සොයා බලා යුක්තිය ඉටු කිරීම නව උපකුලපතිවරයාගේ වගකීම බවත් අපි මතක් කර දෙමු.

විමුක්ති වීදියබණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment