පේරාදෙණිය සිද්ධියට සිසුන් පිරිසක් පොලිසියට භාරවෙති

177


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ මහචාර්ය අතුල සේනාරත්න මහතාටත් ඒ මහතාගේ පුතා ඇතුළු පවුලේ උදවියටත් පහර දී නිල නිවසට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ශිෂ්‍යභාවය අහෝසි කළ සිසුන් 12 දෙනා අතරින් 10 දෙනෙකු පේරාදෙණිය පොලීසියට භාරවී තිබේ.

මෙම පිරිස අතරින් හය දෙනෙකු පොලීසියට පැමිණ ඇත්තේ ඊයේ රාත්‍රි 9.30 පමණ ය.සෙසු 04 දෙනා පොලිසිය ට භාර වූයේ අද පෙරවරුවේය.

ඔවුන් සියලු‍ දෙනා කලා පීඨ සිසුන් ය. විශ්වවිද්‍යාල පාලනාධිකාරිය මගින් ශිෂ්‍යභාවය අහෝසි කරන ලද සිසුන් 12 දෙනා අතරින් 08 දෙනෙකු කලා පීඨ සිසුන් වන අතර සෙසු පිරිස විද්‍යා පීඨයේ ය.

හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ මහචාර්ය අතුල සේනාරත්න මහතාටත් ඒ මහතාගේ පුතා ඇතුළු පවුලේ උදවියටත් පහර දී නිල නිවසට හානි කිරීමේ සිද්ධියට සම්බන්ධ සෙසු පිරිස අත්අඩංගුවට ගැනිමට පොලීසිය පරීක්ෂණ පවත්වයි .

advertistmentadvertistment
advertistmentadvertistment