පේරාදෙණිය සිසුන්ට කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාර

262

ඇඳිරි නීතිය නොතකමින් මහනුවර නගරයට ඇතුළු වීමට උත්සාහ කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් කඳුළු ගෑස් හා ජල ප‍්‍රහාර එල්ල කර විසුරුවා හැරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පොලිසිය ඊයේ (03දා) පියවර ගත්තේය.

පේරාදෙණිය සිසුන්ට කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාර

විශ්වවිද්‍යාල සිසු සිසුවියන් දහසක් පමණ ඊයේ පෙරවරුවේ පෙළපාලියකින් මහනුවර නගරය දක්වා ගමන් කිරීමට උත්සාහ කළ අවස්ථාවේ ගලහ මංසන්ධියේදී මාර්ග බාධක යොදා පොලිසිය විසින් ඔවුන්ගේ ගමන් මග අහුරණු ලැබීය.

පේරාදෙණිය සිසුන්ට කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාර

විශ්වවිද්‍යාල පරිශ‍්‍රය තුළ පැය හතරක් පමණ රැුඳී සිටි සිසු සිසුවියන් දහවල් 12.45 ට පමණ මාර්ග බාධක බිඳ මහනුවර දෙසට ගමන් කිරීමට තැත් කළ අවස්ථාවේ පොලිසිය කඳුළු ගෑස් හා ජල ප‍්‍රහාර එල්ල කරමින් ඔවුන් විසුරුවා හැරීමට පියවර ගත්තේය. පොලිස් නිලධාරීහු 200ක පමණ පිරිසක් ගලහ මංසන්ධියේ ආරක්ෂාවට යොදවා සිටියහ.

පේරාදෙණිය සිසුන්ට කඳුළු ගෑස් සහ ජල ප‍්‍රහාර

හදිසියේ ඇඳිරි නීතිය පැනවීමෙන් ශිෂ්‍ය ප‍්‍රජාව දැඩි අසීරුතාවට පත්වූ බවත් සුළු පිරිසකගේ ආරක්ෂාව වෙනුවෙන් මෙවැනි අත්තනෝමතික තීරණ ගැනීම තරයේ හෙළ දකින බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අනුරාධ විදානගේ ශිෂ්‍යයා පැවසීය.

 විශ්වවිද්‍යාල සිසුන්ට විරෝධතා පැවැත්වීමට කිසිදු බාධාවක් නොමැති බවත් ඇඳිරි නීතිය පනවා තිබියදී මේ ආකාරයෙන් කටයුතු කිරීම පිළිබඳව ගැටලූවක් තිබෙන බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහචාර්ය එම්.ඞී. ළමාවංශ මහතා කීවේය.

 සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment