පේරාදෙණිය හිටපු උපකුලපතිට පහර දීමට ජවිපෙ, පෙරටුගාමී සහ මහා ශිෂ්‍ය සංගමය සම්බන්ධයි – එස්. බී. මැතිසබයේදී කියයි

164

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට පහරදීමේ සිද්ධියට ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී ශිෂ්‍ය සංවිධානය සහ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා සම්බන්ධ බවට නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (13දා) චෝදනා කළේය. එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

“ඉතාම අවාසනාවන්ත සිද්ධියක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී සිද්ධ වුණා. ලංකාවේ පමණක් නොවෙයි ආසියාවේම ඉතාම ගෞරවණීය තත්ත්වයට පත් භූ විද්‍යාඥයකු ලෙස සැලකෙන හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට ඉතාම අමානුෂික ලෙස පහරදී තිබෙනවා. ඒ විතරක් නොවෙයි ඔහුව ඇදගෙන යන්නත් ගියා. මේ උත්තරීතර ආයතනයේ අවධානය මේ සිද්ධිය ගැන යොමු වෙන්න ඕනා.

මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මහතාව 1987 දී ඝාතනය කළා. ඒ වගේම 87 දීම කටුබැද්දේ හිටපු උපකුලපති මහාචාර්ය බටුවිටවිතාන මහතාවත් ඝාතනය කළා. එය කෙළවර වුණේ අසූදහසක පමණ මිනිස් ඝාතන සිද්ධවෙලායි. ඒ නිසා මම කියන්න කැමතියි මෙම සිද්ධියට ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී ශිෂ්‍ය සංවිධානය වගේම ශිෂ්‍ය සංගමයේ සභාපතිත් සම්බන්ධයි. මේ පිළිබඳව අපි කාගේත් අවධානය යොමු කරලා සැකකරුවන්ට උපරිම නීත්‍යනුකූල දඬුවම් ලබා දිය යුතුයි”

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment