පේර කඩන්න පැමිණි මන්දමානසික තරුණියට අතවර කළ තිදරු පියා අත්අඩංගුවට

867

යාබද නිවසක සිටින 21 හැවිරිදි මන්ද මානසික තරුණියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කරන ලද පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව යක්කලමුල්ල පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොල්පාගොඩ පදිංචි 63 හැවිරිදි තිදරු පියෙකි. අතවරයට පත් තරුණිය පේර කැඩීම‍ට ගොස් ඇති අතර එම අවස්ථ‍ාවේ සැකකරුද තම ඉඩම අයිනේ සුද්ධ පවිත්‍ර කරමින් සිටි ඇත. ඒ අතර සැකකරු ඇය ඉඩමේ පහලට කැඳවාගෙන ගොස් බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකර ඇති අතර පසුව ඇය ඒ බව නිවස අසල පදිංචි ඥාති සහෝදරියකට පවසා ඇත. එම කාන්තාව තරුණියගේ මවට සිද්ධිය පැවසීමෙන් පසු පොලිසියට පැමිණිලි කර ඇත.

යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සී.පී.හේවගේ සැරයන් විජිතනන්ද (58888) යන මහත්වරුන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

අහංගම සුගතපාල දීයගහගේ

advertistmentadvertistment
advertistmentadvertistment