පේෂලාගේ පේෂල් එකට රැවටුණු සුමේධ – අබ්ලික් Story

489

 පුතේ මෙන්න මේ ගෑනු ළමයනම් ඔයාට හරියටම හරියනවා. වත්පොහොසත්කම් අතින් රූපසෝභාවයෙන් හැම දේකින්ම එයා ඔයාට  ගැළපෙනවා.

 සුමේධගේ තාත්තා මංගල යෝජනාව ගැන කිව්වේ බොහොම සතුටින්. පේෂලාගේ ඡුායාරූපයයි එයාගේ පවුලේ විස්තරයි, වත්පොහොසත්කම් ගැනයි හොයලා බලපු සුමේධත් ඇයට එක පයින්ම කැමැති වුණා.

 සුමේධ කියන්නෙ කෝටිපති ව්‍යාපාරිකයෙක්. වාහන විකිණීමේ ව්‍යාපාරය ජයටම කරගෙන ගිය සුමේධ කෝටි ප‍්‍රකෝටි ගණනින් මුදල් ඉපයුවා. නිසි කලවයස ආවට පස්සේ සුමේධගේ වැඩිහිටියෝ එයාගේ එකම පුතාට මංගල යෝජනා හොයන්න ගත්තා. රට වටේම ඇවිදලා බැලූවත් සුමේධට හරියන කෙනෙක් හම්බ වුණේ නැහැ.

 අන්තිමේදී පුවත්පතක පළවෙලා තිබුණු දැන්වීමක් මාර්ගයෙන් සුමේධගේ වැඩිහිටියො හොඳ ගෑනු ළමයෙක් හොයා ගත්තා.

 එයා නමින් පේෂලා. කාලයක් ඔස්ටේ‍්‍රලියාවේ පදිංචි වෙලා හිටියෙ. මීට වසර කීපයකට උඩදියි පේෂලා ලංකාවට ඇවිත් තිබුණේ.

 කොහොම කොහොම හරි දෙපාර්ශ්වයෙම නෑදෑයො එකතු වෙලා සාකච්ඡුා කරලා මේ මංගල්ලෙ තීන්දු කරගත්තා. මංගල්ලෙට දිනත් නියම කරගත්තා.

 පේෂලා කියන්නෙ සැබැවින්ම බොහොම සුන්දර යුවතියක්. පේෂලාගෙ මනබඳිනා රූසපුවට සුමේධ වශී වෙලා හිටියෙ.

 අපි දෙන්නා ආත්ම ගාණක් පෙරුම්පුරන් ඇති නේද සුමේධ මේ විදියට හෙම්බ වෙන්න. මටනම් පුදුමයි අපේ හමුවීම.

 පේෂලා සුමේධට තුරුළුවෙලා පෙම්බස් දෙඩුවා.

 පැටියො අපි කසාදෙ ලොකුවට ගන්න ඕනේ. මට ආසයි හැම දේම මහ ඉහළින් කරන්න. සුමේධ පේෂලාට කිව්වෙ දහසකුත් එකක් බලාපොරොත්තු හිතේ හිර කරගෙන.

 අනේ සුමේධ මට මෙහෙ නෑදෑයො යාලූවො නැහැ. මං හැදුනේ ඔස්ටේ‍්‍රලියාවේ. ඒ නිසා මට මෙහෙ වෙඩින් එකක් ගන්න ඕනෙ නැහැ. ඒ නිසා අපි දෙන්නගෙම වෙඩින් එක එක දවසෙම කරල දාමු.

 පේෂලාගේ යෝජනාවට සුමේධ කැමති වුණා. ඒ වෙනකොට පේෂලා කියන කරන ඉල්ලන හැම දේම සුමේධ එක පයින්ම කරලා දුන්නා.

 මංගල උත්සවය මහ ඉහළින් ගත්තා. හැම වියදමක්ම දැරුවේ සුමේධ. පේෂලාගේ කියලා මංගල උත්සවයට ඇවිත් හිටියේ හතර පස් දෙනෙක් විතරයි.

 මංගල්ලෙ ඉවර වෙලා දෙන්නා හනිමුන් ගියා. දැන් සුමේධ ඉන්නෙ පුදුමාකාර සතුටකින්. පේෂලාව සතුටු කරන්න එයා කැමති හැම දෙයක්ම කළා.

 සුමේධ මගේ ඉන්ටර්නැෂනල් බිස්නස් කීපයක් තියෙනවා. ඒවා හැඞ්ල් කරන්නෙ තාත්තා. අපිට ළ`ගදීම ඔස්ටේ‍්‍රලියාවේ යන්න වෙනවා මේවා බලන්න. මට දැන් තාත්තා කෝල් කරලා කිව්වා එක බිස්නස් එකක සල්ලි අවුලක් වෙලා කියලා. කෝටි එකහමාරක් විතර සල්ලි යවන්න වෙනවා. දැන් ඔයාට තමයි මේවා බලන්න වෙන්නෙ.

 පේෂලා කිව්වා. සුමේධ කිසි විස්තරයක් ඇහුවේ නැහැ පේෂලාට රුපියල් කෝටි එකහමාරක් දුන්නා.

 කසාද බැඳලා දවස් හත අටක් ගත වුණා. එක දවසක් උදේ බලද්දී පේෂලා ගෙදර හිටියෙ නැහැ. සුමේධ හොඳටම කලබල වුණා. හැම තැනම හෙව්වා. අලූත් මනමාලිට මොනවා වුණාද කියලා. ඒත් පේෂලා ගැන කිසිම ආරංචියක් නැහැ.

 අනේ පේෂලාට මොනව වුණාද, එයා කොහෙ ගියාද අපි ඇය ගැන කොයිතරම් හීන මැව්වද, සුමේධ හතර අතේ ඇවිදිමින් පේෂලාව හොයන්න වුණා.

 එදා දහවල් සුමේධගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබුණා.

 සුමේධ මං ගැන හොයන්න එපා. මං ඉන්නෙ දැන් සිංගප්පූරුවෙ. හදිස්සියක් වෙලා මට ලංකාවෙන් එන්න සිද්ධ වුණා. ඔයා එක්ක ගත කරපු දවස් ටික හරිම විනෝදයි. ඔයාගේ මතකය මගේ හිතේ හැමදාම තියේවි.

 පේෂලා එහෙම කිව්වම සුමේධ අන්දුන් කුන්දුන් වුණා. සුමේධ වචනයක්වත් කතා කරන්න ඉස්සර වෙලා පේෂලා ඇමතුම විසන්ධි කළා.

 ඒ වෙනකොට පේෂලා සුමේධ දුන්න රුපියල් කෝටි එකහමාරක මුදල අරන් ගිහින් තිබුණා. ඒ විතරක් නෙවෙයි සුමේධ ළ`ග තිබුණු රුපියල් කෝටි ගාණක් වටින රත‍්‍රං භාණ්ඩ ටිකත් ඒ වෙනකොට අතුරුදන් වෙලා.

 ටික දවසක් යද්දී පේෂලාගේ රංගනයේ සියලූ ජවනිකා එළියට එන්න ගත්තා. පේෂලා කියන්නෙ ජාත්‍යන්තර මට්ටමේ හෙරක්. එයා මේ විදියට කෝටිපති ව්‍යාපාරිකයෝ කීප දෙනෙක්ම අමාරුවෙ දාලා රුපියල් කෝටි ගණනක් මුදල් වංචා කරලා තිබුණා.

 කොහොම කොහොම හරි සුමේධත් මේ අංගනාවට අහුවුණා. අන්තිමේදී තමයි දන්නෙ පේෂලා විවාහ වෙච්ච දරු දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක් කියලා. හැබැයි පේෂලා ඉන්න රට මොකක්ද, එයාගෙ පවුලෙ විස්තර ගැන අදටත් අභිරහසක්.

 – රණදේව

advertistmentadvertistment
advertistmentadvertistment