පේ‍්‍රමයට අකැමැති වුණැයි මස්සිනා නෑනාට වෙඩි තබා මරයි

806

පේ‍්‍රම සම්බන්ධතාවක් පවත්වාගෙන යෑමට අකැමැති වීම නිසා කෝපයට පත් වූ තරුණයකු නෙදුන්කර්නි සේනපිලව් ප‍්‍රදේශයේදී (15දා* පෙරවරුවේ සිය නෑනාට වෙඩි තබා ඝාතනය කර පළාගොස් ඇත.

ඊයේ පෙරවරු 11.45 ට පමණ මෙම තරුණිය සිය යතුරුපැදියේ නැගී නෙදුන්කර්නි ඊට්ටමුරින්ජාන් මාර්ගයේ යමින් සිටියදී කැලෑවක සැඟවී සිටි ඇගේ මස්සිනා මෙම වෙඩි ප‍්‍රහාරය එල්ල කර තිබේ.

වෙඩි ප‍්‍රහාරයට ලක්වූ තරුණිය සිද්ධිය වූ ස්ථානයේදීම මියගිය අතර ඇගේ සිරුර වවුනියාව රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැුගෙන ගොස් ඇත.

ඝාතනයට ලක්වූ 33 හැවිරිදි තරුණිය ඊට්ටමුරින්ජාන්් ප‍්‍රදේශයේ පදිංචිකාරියකි. සැකකාර මස්සිනා ඇය සමග පේ‍්‍රම සම්බන්ධතාවක් පවත්වාගෙන යෑමට කාලයක සිට දැඩි උත්සාහයක නිරත වී තිබේ. එහෙත් ඇය ඊට කැමැත්ත පළ නොකිරීම නිසා කෝපයට පත්වී මෙම ඝාතනය සිදුකර ඇති බව විමර්ශනවලින් හෙළි වී ඇත. මෙම ඝාතනය සිදු කර පළාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට නෙදුන්කර්නි පොලිසිය විමර්ශන පවත්වාගෙන යයි. සැකකරු මීට පෙරද මිනිස් ඝාතනයක් සිදුකර බන්ධනාගාර ගතව සිටි පුද්ගලයකු බව ද පොලිසිය පවසයි.

හේමන්ත රන්දුණු
 

advertistmentadvertistment
advertistmentadvertistment