පේ‍්‍රම සම්බන්ධ සිද්ධියක් දුරදිග යාමෙන් ළාබාල තරුණයෙක් වීදුරු කැබැල්ලකින් තරුණයෙකුගේ ගෙල කපා ඝාතනය කර ඇත.
කඩවත ඇන්ඩෘස් පටුමග ප්‍රදේශයේ නිවසක ඊයේ අලුයම මෙම සිද්ධිය ඇතිවී තිබේ. එහිදී ගෙල කැපීමෙන් බරපතළ තුවාල ලැබූ තරුණයා රාගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.
පොලීසිය පැවසුවේ ඊයේ :22* අලුයම කඩවත ප්‍රදේශයේ කුලී පදනම මත නැවතී සිටි කාමරයකදී ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් එම ඝාතනය සිදුවී ඇති බවයග
මියගොස් ඇත්තේ 20 හැවිරිදි ගෝනහේන ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි.
ඝාතනය සිදුකළ 19 හැවිරිදි සැකකරු කඩවත ප්‍රදේශයේදීම වීදුරු කැබැල්ල ද සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.