පොංගල් කිරිබත් රස විඳිමින්…

83

හින්දු ජනතාවගේ තෛපොංගල් දින සැමරුම නිමිත්තෙන් 15දා පොළොන්නරුව ඓතිහාසික අංක දෙක ඉපැරණි ශිව දේවාලයේ විශේෂ ආගමික වතාවත් සිදු කෙරිණි.

හින්දු බැතිමතුන් විසින් ශිව දෙවියන්ට පුද පූජා කිරීම සඳහා සකස් කරනු ලබන පොංගල් කිරිබත් මෙහිදී විශේෂ තැනක් ගනු ලැබූ අතර එය පූජා කර දෙවියන්ගේ ආශිර්වාද ලබා ගැනීම මෙහිදී සිදු කෙරිණි.

හින්දු බැතිමතුන් සමරන මෙම පොංගල් කිරිබත් රස විඳීමට පොළොන්නරුව ඓතිහාසික ඉපැරැණි අංක 2 ශිව දේවාලය නැරඹීමට පැමිණෙන විදෙස් සංචාරකයින් ද එක්ව සිටි අයුරු කැමරාවේ සටහන් වූ විශේෂ ඡායාරූපයකි.
රොෂාන් තුෂාර තෙන්නකෝන් පොලොන්නරුව

advertistmentadvertistment
advertistmentadvertistment