පොට්ටුට් අන්තර්ජාතික සම්මානයට

787

ශී‍්‍ර ලාංකික දමිළ කලාකාරියක වන නවයුගා කුගරාජා විසින් අධ්‍යක්ෂණය කළ ”පොට්ටුට්’’ දමිළ භාෂිත කෙටි චිත‍්‍රපටය ජාත්‍යන්තර සම්මානයට පාත‍්‍ර වී තිබේ. ඉන්දියාවේ Golden Leaf International Film Festival 2021 සම්මාන උළෙලේ කෙටි චිත‍්‍රපට අංශයෙන් හොඳම නිළිය, හොඳම ප‍්‍රථම අධ්‍යක්ෂණය, හොඳම ප‍්‍රථම කෙටි චිත‍්‍රපටය, හොඳම තිරරචනය හා හොඳම නිෂ්පාදනය ලෙස හා 2021 Uruvatti International Film Festival උළෙලේ කෙටි චිත‍්‍රපට අංශයේ හොඳම කාන්තා කෙටි චිත‍්‍රපටය හා හොඳම ප‍්‍රථම කෙටි චිත‍්‍රපටය ලෙස සම්මාන දිනා ඇත්තේය. ඊට අමතරව කැනඩාවේ 4th Multinational Film Festival Toronto 2021 උළෙල, පෘතුගාලයේ CLIT International Film Festival 2021 උළෙල, එක්සත් රාජධානියේ Lift-Off Global Network First Time Film Maker sessions 2021 උළෙල කෙටි චිත‍්‍රපට අංශයේ නිල නියෝජනය ලෙස හා කැනඩාවේ Montreal Feminist Film Festival 2021 උළෙලේ කෙටි චිත‍්‍රපට අංශයේ අවසන් වටය හා තුර්කියේ Crossroads International Short Film Festival 2021 උළෙලේ අර්ධ පූර්ව අවසන් වටය සඳහා ද තෝරා ගෙන ඇත.

පොට්ටුට් අන්තර්ජාතික සම්මානයට

ශී‍්‍ර ලංකාවේ බි‍්‍ර‍්‍රතාන්‍ය කවුන්සිලයේ නිෂ්පාදන අනුග‍්‍රහයෙන් නිර්මාණය වූ ”පොට්ටුට්’’ කෙටි චිත‍්‍රපටය රචනා කොට අධ්‍යක්ෂණය කරන නවයුගා කුගරාජා එහි ප‍්‍රධාන චරිතය රඟදක්වන්නීය. පොට්ටුට් කෙටි චිත‍්‍රපටයේ තේමාව වන්නේ ශ‍්‍රී ලාංකේය සාම්ප‍්‍රදායික දමිළ වැන්දඹු ස්ත‍්‍රිය මුහුණ දෙන සමාජයීය හා ආර්ථික ගැටලූ පිළිබඳවය.

නිමල් ෆ‍්‍රැන්සිස්

advertistmentadvertistment
advertistmentadvertistment