පොට්ට නවුෆර්ට බන්ධනාගාරයේදී 276 වතාවක් ඩයලසිස් කරලා

350

කොරෝනා වැළදී පෙරේදා (28 දා) කොළඹ  බන්ධනාගාර රෝහලේදී මියගිය මොහොමඞ් නවුපර් නොහොත් පොට්ට නවුපර් වකුගඩු රෝගයෙන්ද පෙළී සිටි අතර එබැවින් බන්ධනාගාරගතව සිටියදී රුධිර කාන්දු කරණය(ඩයලසිස්) 276 ක් සිදුකර ඇතැයි බන්ධනාගාර රෝහලේ නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය.

මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය මහතා ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරුවී මරණ ද`ඩුවම නියමව සිටි මොහුගේ වකුගඩු දෙකම නරක් වී තිබූ බව එම නිලධාරියා පැවසීය.

රුධිර කාන්දුකරණය කිරීමේ එක් වාරයක් සඳහා රුපියල් අටදහස බැගින් මුදල්ද වැයකර තිබේ.

ඉකුත් 28 වැනිදා දහවල් 11.45 ට මොහුගේ රුධිර කාන්දුකරණය සඳහා දැඩි රැුකවරණ සහිතව හෝමාගම රෝහලට රැුගෙන ගොස් ඇති අතර පසුව ඔහු පොලිස් බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව බන්ධනාගාර රෝහල් ප‍්‍රකාශකයෙක් සඳහන් කළේය.

මියයන විට ඔහු 59 වැනි වියේ පසුවිය.

නෝමන් පලිහවඩන
 

advertistmentadvertistment
advertistmentadvertistment