පොඩි පැටී අත්අඩංගුවට

476

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නියෝමාල් රංගජීව ඇතුළු පොලිස් නිලධාරීන්ට පිළියන්දල දී වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ මාකදුරේ මධූෂ්ගේ ප්‍රධාන ගෝලයෙකු වන පොඩි පැටී නැමැත්තා ඊයේ අලුයම ජීව අත් බෝම්බයක්ල ගිනි අවියක් සහ උණ්ඩ 5 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

කළුතර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී .එල්.ඒ. නයනජිත් මහතාට ලද තොරතුරක් මත වැලිපැන්න කුරුඳුවත්ත මීගම පාරෙදි සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේන් පසු අසල කැලෑවක සඟවා තිබූ ජීව බෝම්බයල ගිනිඅවිය සහ පතුරම් සොයාගත් බව පොලිසිය පවසයි.
සැකකරු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 21 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment