පොඩි මන්ත්‍රීන්ට සිරිකොත දොර අරී

345

පළාත් පාලන ආයතන සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කොට සමගි ජන බලවේගයට සහය දැක්වූ මන්ත්‍රීවරුන්ට යළි පක්ෂයට එකතු වීමේ අවස්ථා තව තවත් පුළුල් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා (02දා) උපදෙස් දී ඇත.

සමගි ජන බලවේගයට සහාය පළ කර එක්සත් ජාතික පක්ෂයට එක් වූ පළාත් පාලන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ වගකීම පැවරුණේ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතාටය .

පක්ෂ මහලේකම් ලේකම් පාලිත රංගේ බණ්ඩාර, සභාපති වජිර අබේවර්ධන, පළාත්පාලන කමිටු සභාපති සන්දිත් සමරසිංහ මහත්වරුද මෙම කාර්යභාරයේ නිරතව සිටිති.

සමගි ජන බලවේගයට සහාය ලබා දී යළි එක්සත් ජාතික පක්ෂයට සහය පල කරමින් එන පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් දිනෙන් දින ඉහළ යමින් පැවතීම නිසා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඉහත උපදේශය ලබාදුන් බව පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment