පොඩි ලැසීව හමුවීමට නීතිඥවරුන්ට දින 3කට අවසර දෙයි

519

ප‍්‍රබල පාතාල කල්ලි නායකයකු යැයි කියන ජනිත් මධුශංක හෙවත් ‘‘පොඩි ලැසි’’ නමැත්තා හමුවී උපදෙස් ලබා ගැනීමට ඔහුගේ නීතිඥවරුන්ට අවසර ලබාදෙන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (09දා) පොලිස්පතිවරයාට හා අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයාට නියෝග කළේය.

ජනිත් මධුශංක නමැත්තා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා කළ කරුණු දැක්වීම සලකා බැලූ මුර්දු ප‍්‍රනාන්දු, ජනක් ද සිල්වා හා ගාමිණි අමරසේකර යන විනිසුරු මඩුල්ල නීතිඥවරයෙකු හා සේවාදායකයකු අතර පවතින සම්බන්ධතාව ආරක්‍ෂා වන පරිදි ඊයේ (09දා* සිට දින තුනක කාලයක් පෞද්ගලිකව එම සැකකරුගෙන් උපදෙස් ලබා ගැනීමට අවසර ලබාදෙන ලෙසට එමගින් වැඩිදුරටත් නියෝග කළේය.

සිය සේවාදායකයාගේ ජීවිතයට පවතින තර්ජනය සම්බන්ධයෙන් ඔහුගෙන් උපදෙස් ලබා ගැනීමට පසුකිය 3 වැනිදා නීතිඥවරුන් අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට ගිය බවත් එහි සිටි සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ළමාහේවා නමැති නිලධාරියා ඒ සඳහා අවසර ලබා නොදුන් බවත් නීතිඥ හර්ෂික සමරනායක මහතා විනිසුරු මඩුල්ලට පෙන්වා දුන්නේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment