පොඩි ලැසී රිමාන්ඩ් – බන්ධනාගාරයේදී ප‍්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දීමට නියෝග

275

ප‍්‍රධාන පෙළේ පාතාල කල්ලි සාමාජිකයකු වන පොඩි ලැසී හෙවත් ජනිත් මධුශංක ද සිල්වා නමැත්තාව ලබන දෙසැම්බර් 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් බුද්ධික සී. රාගල මහතා ඊයේ (15 දා) නියෝග කළේය. 04- පිටුවට

එම සැකකරු බන්ධනාගාරයට ගෙන යන තුරු විශේෂ ආරක්ෂාවක් සැලසීමට පියවර ගන්නා ලෙසට එහිදී නියෝග කළ මහෙස්ත‍්‍රාත්වරයා බන්ධනාගාරය තුළදී ඔහුට ප‍්‍රමාණවත් ආරක්ෂාවක් සැපයීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට ද බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් හා එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම, ඒ සඳහා කුමන්ත‍්‍රණය කිරීම ඇතුළු චෝදනා යටතේ පවරා ඇති නඩුවේ 30 වන සැකකරු ලෙස නම් කොට ඇති එම සැකකරු පොලිස් විශේෂ කාර්ය බළකායේ හා පොලිසියේ ආයුධ සන්නද්ධ නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාවක් යටතේ ඊයේ (15 දා* දහවල් අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි.

එම සැකකරු රැුඳවුම් නියෝග මත රඳවා තබා ගනිමින් සිදු කළ විමර්ශනවලදී ටී 56 ගිනි අවියක්, රිවෝල්වරයක්, පිස්තෝලයක් හා පතුරම් බහාලූම් හා ජීව උණ්ඩ තොගයක් සොයාගෙන ඇති බවත් සැකකරු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් සමඟ එක්ව මත්ද්‍රව්‍ය හා අවි ජාවාරම් කළ බවට මෙතෙක් සිදු කළ විමර්ශන අනුව අනාවරණය වී ඇති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට පැවසීය.

ඔහුගේ රැුඳවුම් නියෝග කාලය ලබන 17 වැනිදා අවසන් වීමට නියමිතව තිබියදී ශ්‍රේෂ්ඨාධිකරණයට හා අභියාචනාධිකරණයට ලබාදුන් එකඟතාව අනුව සැකකරු අධිකරණයට හමුවට ඉදිරිපත් කළ බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී අධිකරණයට වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

රජයේ අධිනීතිඥ හංස අබේරත්න මහතා සමඟ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතර නීතිඥ ජගත් අබේනායක, නීතිඥ හර්ෂික සමරනායක යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් සැකකරු වෙනුවෙන් පෙනී සිටියහ.

ඒ. ජේ. ඒ. අබේනායක  – ඡායාරූපය – කමල් බෝගොඩ
 

advertistmentadvertistment
advertistmentadvertistment