පොඩි වැස්සටත් යටවෙන කොළඹ ස්ථාන 20ක් හඳුනා ගැනේ

102

සුළු වැස්සකටත් යටවන කොළඹ නගරයේ ස්ථාන විස්සක් හඳුනාගෙන ඇති බවත්, එම ගැටලුව විසඳීමට මේ වනවිට කෙටිකාලීන හා දිගුකාලීන ප්‍රායෝගික වැඩපිළිවෙළක් අරඹා ඇති බවත් කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසුවාය.

කොළඹ ආමර්වීදිය, ඩීන්ස් පාර, මල් පාර, තුම්මුල්ල, පිටකොටුව මල්වත්ත, වෝඩ් පෙදෙස ඇතුළු ප්‍රදේශ 20ක් කෙරෙහි අවධානය යොමු කර පිළියම් යොදමින් සිටින බවද ඇය කියා සිටියාය. පහත් බිම් සංවර්ධන අධිකාරිය සමග ද සම්බන්ධ වෙමින් මෙම ගැටලුවලට පිළියම් යොදමින් සිටින බවද ඇය කීවාය.

සෑම වසරකම තද වැසි ඇදහැලෙන කාලයට කොළඹට මහා වතුරක් ගලන බැවින් එයට විසඳුම් ලබාදී ජනතාවට සහනයක් සැලසීම තම එකම අරමුණ බවද ඇය කියා සිටියාය. කොළඹට වතුර ගලන සෑම අවස්ථාවකම නගර වැසියන් පමණක් නොව රැකියා සඳහා පැමිණෙන පිරිස් හා පාසල් දරු දැරියන් පවා දැඩි පීඩාවට පත්වන බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment