පොත් සාප්පු අරින්න අවසර ඉල්ලයි

132

කොවිඩ් -19 සංචරණ සීමා පනවා ඇති කාලය තුළ පොත් අලෙවිසැල් විවෘත කර තැබීමට අවසර දෙන ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් සිදුකර ඇත.

රජය පනවා ඇති සෞඛ්‍ය උපදෙස්වලට අනුගත වෙමින් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ පොත් අලෙවිසැල් විවෘත කර තැබීමට අවසර ලබාදෙන්නැයි පොලිස්පතිවරයා ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ ලේකම් සමන්ත ඉන්දීවර සමරසිරි මහතා විසින් පොලිස්පතිවරයා වෙත සිදුකළ ලිඛිත ඉල්ලීමකට අනුව පොලිස්පතිවරයා විසින් අදාළ නිර්දේශය ඉදිරිපත් කර ඇත.

වසර එක හමාරක පමණ කාලයක සිට අවස්ථා කිහිපයකදී පොත් අලෙවිසැල් වසා තැබීමට සිදුවීම හේතුවෙන් පොත් ප්‍රකාශන කර්මාන්තයට ඛේදනීය තත්ත්වයකට මුහුණ දීමට සිදුව ඇති බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය පෙන්වාදෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment