පොතුකබර රෝගයට බලපාන හේතු සහ නිසි ප‍්‍රතිකාර

6868

අප කවුරුත් කැමති පියකරු පෙනුමකට ඉන්න. ශරීරයකට මෙවැනි ලස්සන පෙනුමට ගෙන දෙන ප‍්‍රධානම ඉන්ද්‍රිය ලෙස සම හ`දුන්වන්න පුළුවන්. නමුත් අද සමාජයේ 2% ආසන්න පිරිසක් සම අවලස්සන කරන පොතුකබර (Psoriasis) රෝගය නිසා පීඩා වි`දින බව පෙනී ගොස් තිබෙනවා.
 
 ස්ත‍්‍රී පුරුෂ භේදයකින් තොරව මෙම රෝගය වැළඳිය හැකි බව පෙනී යනවා. ඒ වගේම රෝගය වැළ`දුණු කෙනකු සමාජයට පෙනී සිටීමට ඇතිවන ලැජ්ජාව නිසා මානසික ආතතියට පත්වීමටද මෙම රෝගයේ දැකිය හැකි ලක්ෂණයකි. පොතුකබර
 
 (Psoriasis) රෝගය සුවකළ නොහැකි රෝගයක් ලෙස සමාජයේ සම්මතව පැවතුනද හෝමියෝපති ප‍්‍රතිකාර මගින් පොතුකබර (Psoriasis) රෝගීන් සම්පූර්ණයෙන් සුවකළ හැකි ප‍්‍රතිකාර ක‍්‍රමයක් බව කිව යුතුයි.
 
 පොතු කබර (Psoriasis) රෝග වැළඳීමට හේතු සාධක
 
 මෙම රෝගය වැළඳීමට හේතුව තවමත් හරියාකාරව සොයාගෙන නැහැ. නමුත් වඩාත් පිළිගත් මතය වන්නේ ජානවල බලපෑමක් නිසා ඇතිවන්නක් බවයි. මෙය කිසිවිටක බෝවන රෝගයක් නොවේ. මෙය අප ශරීරයේ ප‍්‍රතිශක්තිකරණයේ දුර්වලතාවයකදී සිරුරේම ඇති ප‍්‍රතිශක්තිකරණ යාන්ත‍්‍රයක් සිරුරට විරුද්ධව ක‍්‍රියා කිරීමක් නිසා ඇති වන්නක් (Autoimmune disease) ලෙස හැ`දින්විය හැකිය. එම ක‍්‍රියාවලිය පනගැන්වීම පුද්ගලයාගෙන් පුද්ගලයාට විශේෂිත වූ යම් හේතුවක් (Provocating factor) බලපායි.
 
 ⋆ උදා – කෘතීම රසකාරක යෙදූ ආහාර මෙන්ම එකිනෙකට නොගැළපෙන ආහාර නිතර පරිභෝජනය. (කිරි, මාළු*
 
 ⋆ නිතර පවතින මළබද්ධය ⋆ නිදි මැරීම ⋆ තුවාල (වැටීම් සීරීම් නිසා ඇතිවන තුවාල ආසාදනයන්* ⋆ ආසාදන (සමහර බැක්ටීරියා (Streptococcal pharyngit) හෝ වෛරස් (HIV) ආසාදන
 
 ⋆ ඖෂධ – Lithium,Sysyemic Corticosterids වැනි ඖෂධ නැවැත්තූ විට, රුධිර පීඩනයට ලබා දෙන ඖෂධ නිසා (beta blockers) ⋆ අධික තාපයට නිතර යොමු වීම. ⋆ දුම් පානය. ⋆ මත් පැන් පානය ⋆ හෝර්මෝනවල වෙනස්කම් ⋆ මානසික පීඩනය.

pothukabara493

පොතුකබර රෝගයේ වර්ග හා එහි ලක්ෂණ
 
 හිස්කබල, නළල, කන් දෙපස, වැලමිට, දණහිස් සිරුර පුරාම නියපොතු මතද වෙනස්කම් ගෙනදෙන රෝගී ලක්ෂණ ඇති කරයි.
 
 රිදී පැහැති පොතු සහිත (Plaque Psoriasis) පොතුකබර රෝගය
 
 මෙය පොදුවේ දැකිය හැකියි. රතු පාට සම හා සිල්වර් පාට පොතු දැකිය හැකියි. ඒවා මත කැසීමක් ඇති අතර වේදනාකාරීයි. සමහර අවස්ථාවන්හි ඉරි තැලීම්, ලේ ගැලීම්ද දැකිය හැක. මෙය ශරීරයේ විශාල පරාසයකට පැතිර යයි.
 
 ඉකිලි, පියවුරු යට මතුවන (Inverse Psoriasis) පොතුකබර රෝගය
 
 ඉකිලිවල, පියවුරු යට, කිහිලි වල වැනි සම්පූර්ණයෙන් නොපෙනෙන ස්ථානවල පොතුකබර ඇතිවිය හැක. රතු පාට දිලිසෙන ලෙස සමේ වෙනස්කම් දැකිය හැක.
 
 ආසාදන නිසා ඇතිවන (Erthrodermiv Psoriasis* පොතුකබර රෝගය
 
 දීර්ඝ කාලයක් ගත් සමහර ඖෂධ නතර කළ විටද, අධික හිරු තාපය නිසාද, ආසාදන නිසාද හටගන්නා පොතු කබර විශේෂයකි, සම රතු පාට, දිලිසෙන ආකාරයට මෙහිදී ද වෙනස්කම් දැකිය හැක.
 
 සිරුර පුරා මතුවන (Exfoliative Deratitis) පොතුකබර රෝගය
 
 මුළු සිරුර පුරාම 95% ක්ම සමේ රෝගයක් ලෙස පැතිරීමක් පෙන්නුම් කරන මෙය පොතුකබර වර්ගයට අයත් රෝගී තත්ත්වයකි. ඉක්මන් ප‍්‍රතිකාර වෙත යොමුවිය යුතුයි. මෙම රෝගී තත්ත්වයට ප‍්‍රතිකාර නොකිරීමෙන් ජීවිත අවදානමක් පවා ඇතිවිය හැක.
 
 සැරව ගෙඩි මතුවන (Pustular Psoriasis) පොතුකබර රෝගය
 
 ඉක්මන් ප‍්‍රතිකාර කළ යුතු මෙම පොතුකබර තත්ත්වයේ ලක්ෂණය වන්නේ සැරව ගෙඩි සිරුරේ තැනින් තැන ඇතිවීමය. මේ රෝගී ලක්ෂණය බොහෝ දෙනා බැක්ටීරියා ආසාදනයක් ලෙස සැක කළද මෙයද පොතුකබර වර්ගයකි.
 
 සන්ධි ඉදිමීම ඇතිකරන (Psoriasis Arthritis) පොතුකබර රෝගය

pothukabara550

සමහර රෝගීන්ගේ නියපොතුවල හිල් වශයෙන් ආරම්භ වන මෙම රෝගය පසුව නියපොතු අවපැහැ ගෙන, නියමල වෙන්වී පොතු වශයෙන් හැලීමට පටන්ගෙන නියපොතු නරක් වීමට සිදුවේ. ඒ සමග ඇ`ගිලි ආශ‍්‍රිත සන්ධි ඉදිමීම වේදනාකාරී තත්ත්ව දැකිය හැක. තවද විශාල සන්ධි මතද (කොන්ද, දණහිස, වැලමිට, විලූඹ* ආශ‍්‍රිත සන්ධි ඉදිමීම, ශරීරය පුරා ඇති කරන වේදනාව ලෙස මේ සමග ආතරයිටිස් රෝගයද දැකිය හැකි වීම මෙම පොතුකබර (ඡුිදරස්ිසි ්රඑයරසඑසි* රෝගයේ ලක්ෂණ වේ. හෝමියෝපති ප‍්‍රතිකාර ලබා දෙන ආකාරය
 
 හරිම ලෙහෙසියි, පහසුයි, කුඩා බෝල හෝ පෙති ඖෂධ ලබා දෙනවා. තිත්ත රසයක් නැහැ. ඕනෑම තැනක සිට භාවිතා කළ හැකියි. ආලේපයට සුදුසු හෝමියෝපති ආලේපනය ලබා දෙනවා. දවසට දෙවරක් ආලේප කළයුතුයි. අප හෝමියෝපති ඖෂධ භාවිතයෙන් සතියක් යන්නත් පෙර ප‍්‍රතිඵල දැකිය හැකි වනවා. හෝමියෝපති ප‍්‍රතිකාර මගින් රෝගයට හේතු වූ රෝග මූලය නැති කර දමනවා. එකිනෙකාට ආවේනික වූ දුර්වල වූ ප‍්‍රතිශක්තිය ගොඩනංවන ඖෂධ එකිනෙකාගේ රෝග ලක්ෂණ සැලකිල්ලට ගෙනදෙනු ලබනවා. මෙහිදී ප‍්‍රතිශක්තිකරණ ක‍්‍රියාදාමය නිවැරදි ආකාරයට ක‍්‍රියාත්මක කරන්න හෝමියෝපති ඖෂධ සමත් වනවා. හෝමියෝපති වෛද්‍ය ක‍්‍රමයේ මූලධර්මයට අනුව ඉතා සාර්ථක ලෙස මෙමගින් ඕනෑම පොතුකබර රෝගයක් නිසැක සුවය ලබනවා. අපේ ඖෂධවල ගුණය කැළලක්වත් ඉතිරි නොකර මැකී යනවා. නියපොතු යථා තත්ත්වයට පත්වෙනවා. සන්ධි වේදනා නැතිව යනවා. පොතුකබර රෝගීන් ඉහමත් සතුටක් ලබනවා. මානසික ආතතියද නැතිව යන්නේ හෝමියෝපති ප‍්‍රතිකාර ගැනීමේදී රෝගියාගේ කායික රෝගී තත්ත්ව මෙන්ම මානසික රෝගී තත්ත්වද සැලකිල්ලට ගනු ලබන බැවිනි.
 
 ප‍්‍රතිකාර ගැනීමේදී සැලකිය යුතු කරුණු
 
 අධික උෂ්ණාධික ආහාර වන බලමාළු, බල කරවල, ඉස්සො, දැල්ලො, කකුළුවො, සාඩින්, සොසේජස් වැනි ආහාර මෙන්ම තක්කාලි, අන්නාසි, අබ, මැන්ගුස්, රඹුටන් වැනි පලතුරුද කිරිපිටි වර්ගවලින්ද වැළකී සිටිය යුතු වනවා. ඒ වගේම ඖෂධ නියමාකාරයෙන් දෙනු ලබන පිළිවෙලට භාවිතා කළ යුතුයි. ප‍්‍රතිකාර වගේම සුවයට රෝගියාගේ සත්කාරයත් අවශ්‍ය වනවා.
 
 ඔබ මෙම පොතුකබර රෝගය සුවකරගත නොහැකියි කියා බිය විය යුතු නැත. හෝමියෝපති ප‍්‍රතිකාර තුළින් පොතුකබර රෝගය ස්ථිර ලෙස නිසැක සුවයක් අතුරු ආබාධවලින් තොරව ලබාගත හැකියි. ප‍්‍රතිකාර ගැනීමේදී වැඩි වී අඩු වන්නේ නැහැ. පොතුකබර නිසා ඇතිවන කැළැල් පවා නැති වී ඔබේ සම පැහැපත් වී අලංකාර පෙනුමක් සුවයක් සතුටක් මෙම ප‍්‍රතිකාර තුළින් ඔබ ලබනු නිසැකය.

පොතුකබර රෝගයට බලපාන හේතු සහ නිසි ප‍්‍රතිකාර


 

advertistmentadvertistment
advertistmentadvertistment