පොතු කබර, සුදු කබර ඇතුළු චර්ම රෝග සුව කරන  රක්තවාත තෛල ප්‍රතිකාරය

864
Men use their hands to scratch the wound in their arms. Diseases caused by abnormalities of the lymph. Psoriasis is a skin disease. Select focus shallow depth of field and blurred background

සිරුරේ ඇතිවන ඇතැම් ලෙඩ රෝග නිසා ඉන් ශාරීරිකව ඇතිවන පීඩාවට අමතරව මානසිකව ඇතිවන පීඩාවද ඉතා දැඩිව මතුවේ. තමා තුළ මතුව ඇති රෝග තත්ත්වය නිසා අන් අයගේ පිළිකුලට ලක්වේ යැයි සමාජයෙන් කොන්වේ යැයි සහ තමා අවලස්සන වී ඇතැයි වැනි හැඟීම් මතුවීම නිසා මෙම මානසික පීඩාව දරුණු තත්ත්වයට පත්වේ.

 එවැනි රෝගාබාධ ලෙස පොතු කබර, සුදු කබර, දද, කුෂ්ඨ, අළුහම්, අත් පා පැලීම්, සිරුර පුරා මතුවූ උෂ්ණ බිබිලි ආදිය දැක්විය හැකිය.

පොතු කබර, සුදු කබර ඇතුළු චර්ම රෝග සුව කරන  රක්තවාත තෛල ප්‍රතිකාරය

මෙම රෝගාබාධ චර්මය ආශ්‍රිතව ඇතිවන නිසා බාහිරව නිරාවරණය වී තිබීමෙන් අන් අයගේ අවධානයටද ඉතා ඉක්මනින් යොමුවේ.

 මෙම රෝග ඇතිවීම නිසා තමා විරූපී වී ඇතැයි රෝගීන් තුළ නිතර නිතර හටගන්නා සිතුවිල්ලකි. විශේෂයෙන්ම පොතු කබර හා සුදු කබර රෝගය හටගත්විට මෙය ඉතා දැඩිව මතුවේ.

 ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව මෙම සියලු රෝග ලේ කෝපවීම නිස මතුවන රෝග ලෙස හැඳින්වේ.

 එසේ ලේ කෝපවීමට බලපාන හේතු ලෙස වාත, පිත සහ සෙම යන ත්‍රිදෝෂ මූලික වේ.

 උදාහරණයක් ලෙස නිතර නිතර සැර ආහාර වර්ග ගැනීමට හුරුවී සිටින අය පොතු කබර සහ සුදු කබර රෝගවලට ගොදුරුවීමේ සම්භාවිතාව වැඩිය. නිතර මත්පැන් පානය කරන අයටද මෙම රෝග මතුවීම බහුලව දක්නට ලැබේ.

 පවුලේ කිසියම් කෙනෙකුට දද, කුෂ්ඨ යටිපතුල් පැලීම වැනි රෝග තිබේ නම් ඔවුනගේ අන් සාමාජිකයන් වඩාත් සැළකිලිමත් විය යුතුය. එම පවුල්වල සාමාජිකයන්ගේ ත්‍රිදෝෂ කෝපව පවතින විට පොතු කබර, සුදු කබර වැනි රෝග හටගනී.

 රෝග සඳහා ප්‍රතිකාර

 මෙවැනි රෝගීන් සහ පවුල්හි සාමාජිකයන් වැඩිපුර, බලමාළු, ඉස්සෝ, දැල්ලෝ අච්චාරු වර්ග, මඤ්ඤොක්කා වැනි ආහාර වර්ග ගැනීමෙන් වැළකිය යුතුය.

 රසකාරක වර්ග යෙදූ ආහාර වර්ග ගැනීම, ක්‍ෂණික ආහාර වර්ග ගැනීම සම්පූර්ණයෙන් අත්හිටුවිය යුතුය.

 මෙවැනි රෝගීන් කොළ වර්ග, එළවළු, පලතුරු ආදිය වැඩිපුර ආහාරයට එක්කර ගැනීම කළ යුතුය. කෘත්‍රිම රසකාරක යෙදූ පාන වර්ග වෙනුවට පිරිසිදු ජලය පානය, බෙලිමල්, රණවරා, කොළ කැඳ වර්ග ආදිය පානයට යොමුවීමෙන් මතුව ඇති අපහසුතා අවම කරගත හැකිය.

 මෙම රෝග සඳහා ආයුර්වේදයේ සහ දේශීය වෙදකමෙහි ඖෂධ වර්ග රැසක් ඇත. එම ඖෂධ වර්ග නිසි වෛද්‍ය උපදෙස් මත පානය කිරීමෙන් රෝග ඉක්මනින් සුවකරගත හැකිය.

 එසේම මෙම රෝග ඉක්මනින් සුවයටත් රෝගය නිසා සම මත හටගන්නා ළප කැළල් ඉවත්ව යෑමටත්, සම පැහැපත්වීමටත් ගැල්විය හැකි ඖෂධීය තෙල් වර්ග ලෙස රක්තවාත තෛලය දැක්විය හැකිය.

 මෙම රක්තවාත තෛලය උදේ සහ සවස සිරුරේ ගල්වා පැය 24 පුරා තබාගත යුතුය. උදෑසන ගල්වා එය සවස්වන තුරු තබාගත යුතුය. ඉන්පසු ඇඟපත සෝදා පවිත්‍ර වී යළි රාත්‍රියට ගැල්විය යුතුය. එය පසු දින දක්වා සිරුර මත පැවතිය යුතුය. මෙලෙස නිසි ලෙස රක්තවාත තෛලය සම මත ගැල්වීමෙන් පොතු කබර, සුදු කබර, අළුහම්, දද, කුෂ්ඨ, උෂ්ණ බිබිලි, රත දෝෂ ආදිය ඇතිවීම වළක්වා ගැනීමටත් මතුව ඇති මෙම රෝග ඉතා ඉක්මනින් සුවපත් කර ගැනීමටත් හැකියාව උදාකරගත හැකිය. වැඩිදුර උපදෙස් සඳහා දුරකථන අංක 0770181010 මගින් විමසිය හැකිය.

පොතු කබර, සුදු කබර ඇතුළු චර්ම රෝග සුව කරන  රක්තවාත තෛල ප්‍රතිකාරය

advertistmentadvertistment
advertistmentadvertistment