පොදුරදමඩුලු යන  ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කරයි

141

එංගල්නතයේදී ක්‍රියාත්මක වීමට නියමිත 2022 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය ඊයේ (19 වැනිදා) ප්‍රකාශයට පත් කළේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් ප්‍රකාශයට පත් කළ එම සංචිතය සඳහා ක්‍රීඩිකාවෝ 15 දෙනකු ඇතුළත්ව සිටිති.

 ලබන 28 වැනිදා සිට අගෝස්තු 08 වැනිදා දක්වා පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේදී ක්‍රියාත්මක වේ. ඒ අනුව එහිදී පැවැත්වෙන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් 8ක් තරග වැදීමට නියමිතව තිබේ. ‘ඒ’ කාණ්ඩායෙන් ඔස්ටේ්‍රලියාව, ඉන්දියාව, බාබඩෝස් සහ පාකිස්තානය තරග කරද්දී ‘බී’ කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව, එංගලන්තය, නවසීලන්තය සහ දකුණු අප්‍රිකාව තරග වැදීමට නියමිතව තිබේ. එහිදී කාණ්ඩ දෙක යටතේ පළමු ස්ථාන දෙකේ රැඳෙන කණ්ඩායම් 4 අවසන් පූර්ව වටය සඳහා තේරීපත් වේ.

 නම් කළ ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය සුපුරුදු පරිදි චමරි අතපත්තුට හිමිව ඇති අතර නවක ක්‍රීඩිකා විශ්මි ගුණරත්න ද අදාළ සංචිතය සඳහා නම්කර තිබේ.

 ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය ලබන 30 වැනිදා සත්කාරක එංගලන්ත කණ්ඩායම සමගින් ක්‍රියාත්මක වීමට නියමිත අතර දෙවැනි තරගය අගෝස්තු 02 වැනිදා නවසීලන්තය සමගින් පැවැත්වේ.

 අගෝස්තු 4 වැනිදා දකුණු අප්‍රිකාව සමගින් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන තෙවැනි තරගය පැවැත්වේ.

 ශ්‍රී ලංකා සංචිතය : චමරි අතපත්තු (නායිකාව), හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, මල්ෂා ශෙහානි, නිලක්ෂි ද සිල්වා, කවීෂා ඩිල්හාරි, අමා කාංචනා, අචිනි කුලසූරිය, ඉනෝකා රණවීර, උදේශිකා ප්‍රබෝධනි, සුගන්ධිකා කුමාරි, රශ්මි ද සිල්වා, ඕෂදි රණසිංහ, අනුශ්කා සංජීවනී.

advertistmentadvertistment
advertistmentadvertistment