පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලට යන රග්බි කණ්ඩායමට දින දෙකක පුහුණුවක්

114

එංගලන්තයේ බර්මින්හැම් නගරයේ දී ක්‍රියාත්මක කෙරෙන පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගි කරවන ශ්‍රී ලංකා ජාතික පිරිමි සහ කාන්තා රග්බි පාපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා දින 02 ක ඉහළ උන්නතාංශයක පුහුණුවක් ලබාදීමට කටයුතු කර තිබේ.

ශාරීරික යෝග්‍යතාව වර්ධනය කිරීම සහ කණ්ඩායමේ සාමාජිකයන් අතර අන්‍යෝන්‍ය සබඳියාව ගොඩනැගීම මෙන්ම ප්‍රතිවාදීන්ගෙන් එල්ල වන අභියෝගය විඳ දරා ගැනීමේ පුහුණුව ලබා දීම මෙහි ප්‍රධානතම ලක්ෂණය විය.

එමෙන්ම අධික ශීතලකින් යුත් කාලගුණික තත්ත්වයක් යටතේ මෙරට රග්බි පාපන්දු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ක්‍රීඩා කිරීමේ හැකියාව වර්ධනය කිරීම ද මෙහි එක් අංගයක් විය.

ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලට අමතරව න්‍යායික දැනුම ලබා දීම ට ද සංවිධායකයන් කටයුතු යොදා තිබීම කැපී පෙනුණේය. ඒ සඳහා සම්පත් දායකයින් කිහිප පෙළක්ම එක්ව සිටියහ.

අන්තර් ජාතික රග්බි පාපන්දු සම්මේලනය, ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව, නිපෝන් පේන්ට්, සිග්නේචර්, උැඉංච්හ, ඔරමැ ාසටසඒක සහ ශ්‍රී ලංකා රග්බි පාපන්දු අනුග්‍රහක ශක්තියෙන් මෙම වැඩමුළුව සාර්ථක විණි.

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය රග්බි පාපන්දු තරගාවලිය ජුලි 29, 30 සහ 31 යන දිනවලදී පැවැත්වේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment