පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලට වෙරළ වොලිබෝල්  සුදුස්සන් තේරීම ශී‍්‍ර ලංකාවේදී

113

එංගලන්තයේ බර්මින්හැම් නුවර පැවැත්වීමට නියමිත 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලේ වෙරළ වොලිබෝල් තරගාවලිය සඳහා සුදුස්සන් තේරීමේ තරගාවලිය හෙට සහ අනිද්දා (18 වැනිදා සහ 19 වැනිදා* මීගමු වෙරළ උද්‍යානයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා සම්මේලනය සහ ජාතික ඔලිම්පික් කමිටුවේ අධීක්ෂණයෙන් ශී‍්‍ර ලංකා වොලිබෝල් සම්මේලනය මෙම තරගාවලිය සංවිධානය කර තිබේ. එ් අනුව මෙම තරගාවලිය සඳහා සත්කාරක ශී‍්‍ර ලංකාව සමගින් මැලේසියාව, සිංගප්පූරුව සහ මාලදිවයින යන රටවල් තරග වැදීමට නියමිත බව වොලිබෝල් සම්මේලනයේ ලේකම් එ්.එස්. නාලක මහතා ප‍්‍රකාශ කර සිටී.

තරගාවලිය සඳහා ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් අශේන් රශ්මික සහ මලින්ත යාපා පිරිමි අංශයෙන් සහ චතුරිකා මදුශානි සහ දීපිකා බණ්ඩාර කාන්තා අංශයෙන් තරග වැදීමට නියමිත තිබේ.

තරගාවලියේ කාන්තා අවසන් මහා තරගය ලබන 19 වැනිදා සවස 6.00ට සහ පිරිමි අවසන් මහා තරගය සවස 7.00ට කී‍්‍රඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ.

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment