පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලට යන  ශී‍්‍ර ලංකා බර ඉසිලීමේ කණ්ඩායම නම් කරයි

142

ලබන ජූලි මස 28 සිට අගෝස්තු මස 08 දින දක්වා එංගලන්තයේ බර්මින්හැම් නගරයේ දී ක‍්‍රියාත්මක කෙරෙන 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලට ශ‍්‍රී ලාංකේය බර ඉසිලීමේ ක‍්‍රීඩකයන් 06 දෙනකු සහ ක‍්‍රීඩිකාවන් 04 දෙනකු නම් කිරීමට අන්තර්ජාතික බර ඉසිලීමේ සම්මේලනය පියවර ගෙන තිබේ.

2021.01.01 සිට 2022.02.28 අතර කාලසීමාව තුළ ජාත්‍යන්තර තරගාවලියන්හී දී ප‍්‍රදර්ශනය කරන ලද දක්ෂතා සැළකිල්ලට ගනිමින් මෙම ක‍්‍රීඩක ක‍්‍රීඞීකාවන් 10 දෙනා නම් කර ඇත. ඒ අතරේ පොදුරජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙල ආශ‍්‍රිතව පදක්කම් ලාභී ක‍්‍රීඩකයන් තිදෙනෙකි. චින්තන ගීතාල් විදානගේ, ඉන්දික චතුරංග දිසානායක සහ චතුරංග ලක්මාල් ජයසූරිය එම ක‍්‍රීඩකයන් වෙති.

ඒ අනුව බලන විට චින්තන ගීතාල් විදානගේ නොකඩවා පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලට වරම් ලබාගත් 05 වැනි අවස්ථාව මෙය ලෙස වාර්තා පිටු අතරට එක්වී තිබීම විශේෂත්වයකි.

2021 දෙසැම්බර් මස උස්බෙකිස්තානයේ ටෂ්කෙන්ට් අගනුවර දී ක‍්‍රියාත්මක කරන ලද පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතාවලිය සහ 2022 පෙබරවාරි මස සිංගප්පූරුවේ දී පවත්වන ලද ආසියාතික සුදුස්සන් තෝරා ගැනීමේ තරගාවලියේ දී ප‍්‍රදර්ශනය කළ දක්ෂතා පදනම් කර ගනිමින් ශ‍්‍රී ලාංකේය ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් මෙවර ක‍්‍රීඩා උළෙලට වරම් ලබා තිබේ.

ඩිලංක ඉසුරු කුමාර (කිලෝ ග‍්‍රෑම් 55 ට අඩු බර පන්තිය*, තිලංක විරාජ් පළඟසිංහ (කිලෝ ග‍්‍රෑම් 61 ට අඩු බර පන්තිය*, චතුරංග ලක්මාල් ජයසූරිය (කිලෝ ග‍්‍රෑම් 67 ට අඩු බර පන්තිය*, ඉන්දික චතුරංග දිසානායක (කිලෝ ග‍්‍රෑම් 73 ට අඩු බර පන්තිය*, චින්තන ගීතාල් විදානගේ (කිලෝ ග‍්‍රෑම් 81 ට අඩු බර පන්තිය*, උෂාන් චාරුක විදානපතිරණ, (කිලෝ ග‍්‍රෑම් 109 ට වැඩි බර පන්තිය*, ශ‍්‍රීමාලී සමරකෝන් (කිලෝ ග‍්‍රෑම් 49 ට අඩු බර පන්තිය*, චමරි වර්ණකුලසූරිය (කිලෝ ග‍්‍රෑම් 55 ට අඩු බර පන්තිය*, චතුරිකා ප‍්‍රියන්ති (කිලෝ ග‍්‍රෑම් 87 ට අඩු බර පන්තිය* සහ තිමාලී හපුතැන්න (කිලෝ ග‍්‍රෑම් 87 ට වැඩි බර පන්තිය* එම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වෙති.

අනුරුද්ධ හේරත් බණ්ඩාර
 

advertistmentadvertistment
advertistmentadvertistment