පොදු පෙරමුණේ මූල්‍ය අරමුදලෙන් මහියංගණයට කොවිඞ් ප‍්‍රතිකාර වාට්ටුවක්

88

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත‍්‍රී, පළාත් සභා හා ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී වැටුපෙන් මහියංගණ රෝහලට ඇඳන් 50 කින් සමන්විත තාවකාලික කොවිඞ් ප‍්‍රතිකාරක වාට්ටුවක් සාදාදීම පසුගියදා සිදුවිය.

මහියංගණ රෝහලේ පහසුකම් ප‍්‍රමාණවත් නොවීම හේතුවෙන්, ඒ සඳහා ග‍්‍රාමීය සහ පාසල් ක‍්‍රීඩා යටිතල පහසුකම් ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතාගේ ඉල්ලීමකට අනුව ලැබූ මූල්‍ය ප‍්‍රතිපාදන මගින් මහියංගණ මූලික රෝහල වෙත ඇඳන් 50 කින් සමන්විත, තාවකාලික කොවිඞ් රෝගී ප‍්‍රතිකාරක වාට්ටු සංකීර්ණයක් (දෙවන කාණ්ඩයේ ප‍්‍රතිකාරක වාට්ටුවක්) සාදා ඉකුත් 31 දා මහියංගණ මූලික රෝහලේ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සෙනරත් බණ්ඩාර මහතාට භාරදීම සිදු කෙරිණි. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූල්‍ය අරමුදල මගින් ඒ සඳහා මුදල් ප‍්‍රතිපාදන වෙන්කර ලබාදීම එහිදී විශේෂත්වයක් වේ.

මහියංගණ – රංජිත් කරුණාවීර

advertistmentadvertistment
advertistmentadvertistment