පොදු ප‍්‍රවාහන සේවය කණගාටුදායකයි: කල්පනාවෙන් වැඩ නොකළොත් රට බැරෑරුම් තත්ත්වයකට පත්වෙනවා

145

මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ

ප‍්‍රශස්ත ලෙසින් පවත්වාගෙන ආ සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම රාජ්‍ය හා පුද්ගලික පොදු ප‍්‍රවාහන සේවයේදී අවම මගීන් ගෙනයන තත්ත්වය පසෙකලා උපරිම මගීන් රැගෙනයෑමේ අතිශය කණගාටුදායක තත්ත්වයට පත්ව ඇති බවත් එසේ වුවහොත් නැවත නුදුරේදීම රට වසා අඩපණ කර යතාවත් කරගැනීමට සිදුවන බවත් ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

පොදු ප‍්‍රවාහණය පිළිබ`දව පවත්නා තත්ත්වය පිළිබ`ද මාධ්‍යට පැහැදිළි කරමින් එ් මහතා මෙසේද පැවසීය. ජනතාවගේ හැසිරීම් එක්ක සෞඛ්‍ය උපදෙස් ඉතාම දුර්වල මට්ටමක පැවතීම අනුව රෝගීන් වැඩි වන ආකාරය පිළිබ`ද සැළකීමේදී යම් සංචරණ සීමාවන් රට තුළ පනවා

ගන්නට වේවි. එසේ නැතිවුවහොත් ජනවාරි පෙබරවාරි මාසවල ඉතාමත් බැරෑරුම් ලෙස අවාසනාවන්ත තත්වයකට රට තල්ලූවෙලා යාවි. ඉදිරි සතිය දැඩි විමසිල්ලෙන් ඉ`ද ජනතා ක‍්‍රියාකාරකම් නිරීක්‍ෂණය කර මේ වනවිට පවත්නා කණගාටුදායක තත්ත්වයද සැලකිල්ලට ගෙන ඉදිරි උත්සව සමයේදී රට වසා තබන්නේද නැතහොත් සංචරන සීමා පනවන්නේද යන්න නිර්දේශ ඉදිරිපත් කිරීමට බිම් මට්ටමේ සේවය කරන ඉදිරිපෙළ නිලධාරීන් ලෙස පසුබට වෙන්නේ නැහැ.

අද වනවිට සෞඛ්‍ය උපදෙස් කඩ කිරීම පුද්ගලික අංශයේ පමණක් නෙවෙයි රාජ්‍ය අංශයේ පවා සාමාන්‍යකරනයට ලක්කොට තිබෙනවා. ආරම්භයේදී යම් තරමින් සෞඛ්‍ය පුරුදු ආරක්‍ෂා කරමින් සිටියත් මේ වනවිට ජනතාව එ් පිළිබ`ද නොසලකාහැර තිබෙනවා. යළි කොවිඞ් ආසාදිතයින් වැඩිවීමටත් මරණ සංඛ්‍යාව ඉහළ යෑමටත් ඒවා හේතු වෙලා තියනවා. මේ අයුරින් නම් ඉදිරියට යන්නෙ අදහාගත නොහැකි තරමින් කොවිඞ් ආසාදිතයින් වැඩිවෙන එක නවත්වගන්න බැරිවෙයි.

කුලියාපිටිය – උපේන්ද්‍ර සේරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment