පොදු රද මඩුලු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා රග්බී කණ්ඩායම් අනිද්දා යයි

118

මෙම මස 29, 30 සහ 31 යන දිනවල එංගලන්තයේ ක්වින්ස්ලන්ත ප්‍රාන්තයේ බර්මින්හෑම් හිදී ක්‍රියාත්මක කෙරෙන 22 වන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ රග්බි තරගාවලිය ට සහභාගි කරවන ශ්‍රී ලංකා පිරිමි සහ කාන්තා කණ්ඩායම් සඳුදා (25) දිවයිනෙන් පිටත්ව යයි.

පිරිමි කණ්ඩායම් 16 ක සහ කාන්තා කණ්ඩායම් 08 ක සහභාගිත්වයෙන් ක්‍රියාත්මක කෙරෙන මෙවර තරග මාලාවේ මූලික වටයේ දී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම මෙන්ම කාන්තා කණ්ඩායම ද ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වදිති. එහිදී පිරිමි පිල එංගලන්තය, සැමෝවා සහ නවසීලන්තය යන රටවලට එරෙහිව තරග බිමට පිවිසෙන අතර කාන්තා පිල ද ‘ඒ’ කාණ්ඩයෙන් කැනඩාව, එංගලන්තය සහ නවසීලන්තය ට එරෙහිව තරග වැදීමට නියමිතය. මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකා ජාතික පිරිමි කණ්ඩායම මෙහෙයවීමේ වරම ශ්‍රීනාත් සූරියබණ්ඩාර ට හිමි වී ඇති අතර නිල්ෆර් ඉබ්‍රාහීම් මහතා පුහුණුකරු ලෙස ද රොහාන් චින්තක මහතා කළමනාකරු ලෙස ද කටයුතු කරති. අනූෂා අත්තනායක ගේ නායකත්වයෙන් තරග වදින කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ලෙස සාලිය කුමාර මහතා ද කළමනාකාරිණිය ලෙස මල්කාන්ති රත්නායක මහත්මිය ද කටයුතු කරනු ඇත. මෙවර තරගාවලියට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් ශ්‍රී ලංකා රග්බි සභාපති රිස්වි ඉල්ලියාස් උප සභාපති රියර් අද්මිරාල් දේශප්‍රිය හෙට්ටිආරච්චි සහ විධායක අධ්‍යක්ෂ හම්සා හිදායතුල්ලා යන මහත්වරුන් සමගින් ඡායාරූප වලින් දැක්වේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment