පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලිය: තිමාලී හපුතැන්න රිදී දිනයි

176

ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියට සමගාමීව උස්බෙකිස්තානයේ ටෂ්කෙන්ට් අගනුවර දී පැවති පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලිය ආශ‍්‍රිතව 07 වැනි පදක්කම මව් බිමට දිනා දීමට තිමාලී හපුතැන්න ඊයේ (17) දින සමත් වූවාය.

කාන්තා කිලෝ ග‍්‍රෑම් 87 ට වැඩි බර පන්තිය නියෝජනය කරමින් තිමාලී හපුතැන්න ස්නැච් ක‍්‍රමයට කි:ග‍්‍රෑ: 83 ක් ද ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට කි: ග‍්‍රෑ:106 ක් ද ලෙස කිලෝ ග‍්‍රෑම් 189 ක බර එකතුවක් සටහන් කරමින් රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.

ඒ අනුව පොදුරාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරග ඉතිහාසය තුළ වැඩිම පදක්කම් සංඛ්‍යාවක් දිනා ගත් තරගාවලිය මෙය විය. ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් එක් රන් පදක්කමක් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 05 ක් දිනා ගැනීමට මෙවර සමත් වූහ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment