පොදු රාජ්‍ය මණ්ඩලයීය හා ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලි එකක් වෙයි…. ශ‍්‍රී ලංකාවෙන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 20ක්

410

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලිය සහ ලෝක ශුරතා බර ඉසිලීමේ තරගාවලිය එකම තරගාවලියක් ලෙස පවත්වා වෙන් වෙන්ව ජයග‍්‍රාහක ජයග‍්‍රාහිකාවන් නම් කිරීමට ජාත්‍යන්තර බර ඉසිලීමේ සම්මේලනය පියවර ගෙන තිබේ.

ඒ අනුව සංවිධානය කර ඇති මෙවර ලෝක ශූරතාවලිය මෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලයීය ශූරතාවලිය එළඹෙන දෙසැම්බර් මස 07 දින සිට 17 දින දක්වා උස්බෙකිස්තානයේ ටෂ්කෙන්ට් අග නගරයේ දී පැවැත්වේ.

ජාත්‍යන්තර බර ඉසිලීමේ සම්මේලනය විසින් ප‍්‍රකාශයට පත් කර ඇති නවතම බර පන්ති අනුව පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ තරගාවලියක් ක‍්‍රියාත්මක වන පළමු අවස්ථාව මෙය වේ.

2019 වසරේ සැප්තැම්බර් මස 18 සිට 27 දින දක්වා තායිලන්තයේ පතායා නගරයේදී පවත්වන ලද ලෝක ශූරතා තරගාවලිය සහ පසුගිය ජූලි – අගෝස්තු කාලසීමාවේ ජපානයේ ටෝකියෝ අගනුවරදී පවත්වන ලද 32 වැනි ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල නව බර පන්ති අනුව ක‍්‍රියාත්මක කිරීමට ජාත්‍යන්තර බර ඉසිලීමේ සම්මේලනය පියවර ගෙන තිබුණි.

ඒ අනුව ක‍්‍රියාත්මක කෙරෙන මෙවර තරග මාලාවන් සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 20 දෙනකු සහභාගි කර වීමට ශ‍්‍රී ලංකා බර ඉසිලීමේ සම්මේලනය කටයුතු කර ගෙන යයි. ඒ ක‍්‍රීඩකයින් 10 දෙනෙකු සහ ක‍්‍රීඩිකාවන් 10 දෙනකු ලෙසිනි.

ක‍්‍රීඩා අමාත්‍ය අනුමැතිය සඳහා යොමුකර ඇති පිරිමි කණ්ඩායම

ඩිලංක ඉසුරු කුමාර (55), චතුරංග ලක්මාල් ජයසූරිය (61), තිලංක විරාජ් පළගසිංහ (61), මනෝජ් මධුවන්ත විජේසිංහ (67), ඉන්දික චතුරංග දිසානායක (73),ඇන්ටන් සුදේශ් පීරිස් (73), චින්තන ගීතාල් විදානගේ (81) , ශානක මධුශංක පීටර්ස් (96) , සමන් අභයවර්ධන (109) සහ ඩබ්ලිව්. පී. උෂාන් චාරුක (109 ට වැඩි)

ක‍්‍රීඩා අමාත්‍ය අනුමැතිය සඳහා යොමු කර ඇති කාන්තා කණ්ඩායම

ඞී. එම්. ශ‍්‍රීමාලී සමරකෝන් (45), දිනූෂා හංසනී ගෝමස් (49), චමරී මෙන්ඩිස් වර්ණකුලසූරිය (55), එම්. උමෙයිරා මොහිඞීන් (59), ආර්. එම්. එන්. එස්. රාජපක්ෂ (59), ආශිකා විජය බාස්කර් (64), ජී. ජී. ඞී. ටී. ගුරුගම (71), පී. ඞී. එන්. සංජනා වෙදාරච්චි (81), බී. චතුරිකා ප‍්‍රියන්ති (87) සහ තිමාලී එන්. බී. ජේ. හපුතැන්න (87 ට වැඩි).

වරහන් තුළ දැක්වෙන්නේ ඔවුන් නියෝජනය කරන බර පංතිය කිලෝග‍්‍රෑම් වලිනි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment