පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා, ආසියානු සහ ලෝක ශුරතා මලල ක‍්‍රීඩා තරගාවලියට කී‍්‍රඩකයින් තේරීම ලබන මාසයේදී

164

ජවන හා පිටිය මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හට එළඹෙන 2022 කාර්ය බහුල වසරකි.

 ආසියානු ක‍්‍රීඩා උළෙල සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙල මෙන්ම ලෝක ශුරතා මලල ක‍්‍රීඩා තරගාවලිය 2022 වසරේදී පැවැත්වෙන බැවින් එය කාර්ය බහුල වී තිබේ.

 මේ සඳහා සහභාගි කර වීමට අපේක්ෂිත ක‍්‍රීඩික ක‍්‍රීඩිකාවන් තෝරා ගැනීම සඳහා වන මෙරට මූලික පරීක්ෂණය එළඹෙන ඔක්තෝබර් මස තෙවන සතියේ කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගනයේ දී පැවැත්වීමට ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සම්මේලනය තීරණය කර තිබේ.

 පවතින කොවීඞ් 19 වසංගත තත්ත්වය පාලනය වූ වහාම මෙම තෝරාගැනීමේ පරීක්ෂණය පැවැත්වෙන දිනයන් නිවේදනය කිරීමට ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සම්මේලනය බලාපොරොත්තුවෙන් සිටී.

 අනුරුද්ධ

advertistmentadvertistment
advertistmentadvertistment