පොදු ළිඳේ පිහිනමින් දිය නෑ සිසුවා කොන්ක්‍රීට් බක්කිය කඩාවැටී මරුට  

574

හබරාදුව පොලිස් බල ප්‍රදේශයට අයත් හප්පාවන හරුමල්ගොඩ ප්‍රදේශයේ පොදු නාන ළිඳක දිය නාමින් සිටියදී ළිඳේ කොන්ක්‍රීට් බක්කිය කඩාගෙන වැටීමෙන් ඊයේ (03) පස්වරුවේදී එක් සිසුවකු මියගොස් ඇති අතර තවත් සිසුවකු තුවාල ලබා ඇති බැව් හබරාදුව පොලිසිය පවසයි.

මියගොස් ඇත්තේ බටහිර හරුමල්ගොඩ ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්. එස්. රෝෂණ මලිදු (13) නමැති අට ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි පාසල් සිසුවෙකි. මියගිය සිසුවා තවත් සිසුවකු සමග මෙකී නාන ළිඳට බැස පිහිනමින් දිය නාමින් සිට ඇති බව පොලිසිය පවසයි. මොවුන් ළිං බක්කියේ එල්ලී ඇති අතර ළිං බක්කිය කඩාගෙන වැටී එක් සිසුවකු එයට යටවීමෙන් මියගොස් ඇත. හබරාදුව පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල – හිනිදුම – රවින්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment