පොරොන්දම් ගැලපුමේ විශේෂත්වය

674

පොරොන්දම් විස්ස වෙන වෙනම විස්තර කළහොත් එක් පොරොන්දමක් ඉතා දීර්ඝ ලෙස විස්තර කළ හැක. යම් ස්ත්‍රී පුරුෂයින් අනියම් ඇසුරුවලට පෙළඹෙන්නේ මේ හේතුවෙනි. එසේම ක්‍රියාකාරීත්වය එකිනෙකාගේ ඇවතුම් පැවතුම්ද මේ අනියම් ඇසුරු සඳහා බලපායි. එනිසා රාශි පොරොන්දමේ විශේෂ වැදගත්කමක් පොරොන්දම් පරීක්ෂාවට පවතී. මේ අතර තවත් වැදගත් පොරොන්දමක් “වශ්‍ය පොරොන්දම” ලෙස තිබේ. එය යුවතිපති දෙදෙනා එකිනෙකාට වශීකෘතදැයි බැලීමය. මෙහිදී යුවතිය කන්‍යා ලග්නය කියා සිතමු. ඒ ලග්නයට වශීකෘත වන්නේ මිථුන -කන්‍යා – තුලා – ධනු – මීන යන රාශියක් පුරුෂයාට තිබේ නම් එයද වශීකෘතභාවය ඇති කරන බව පැවසේ. විශේෂයෙන් පොරොන්දම් විමසුම බැලීමේදී නියත විදියට පොරොන්දම් හරි එකට හරි ගසා වැරදි එකට වැරදි ගසා සීයයට මෙච්චරක් සුබයි විස්සෙන් මෙච්චරක් සුබයි කියා විවාහයකට සුදුසු බව අනුමත කිරීම වැරදිය. ඒ ගැන විස්තර මෙම නැකත තුළින් කීපවිටක් කරුණු පහදා දුනෙමි.

මේ සම්බන්ධ තවත් ලිපියක් 2024 මැයි 26 වැනි ඉරිදා නැකතට මා යොමු කළෙමි. මේ පොරොන්දම්වල විශේෂත්වය එක් ලිපියකින් ඉදිරිපත් කළ නොහැකි දිර්ඝ විෂය පථයක් නිසා තවත් ඌනපූර්ණයක් වශයෙන් මේ ලිපිය ද ඔබට ඉදිරිපත් කරමි. පොරොන්දම්වල විශේෂත්වය වන්නේ යුවතිපති දෙදෙනාගේ ලිංගික තත්ත්වයන්ගේ ගැලපීම – නොගැලපීම යන්න පිළිබඳ හරි නිගමනයක් ගැනීමයි. නමුත් එය ඉතාම සංකීර්ණ ක්‍රියාවකි. එම පොරොන්දම් 20 ලංකාවේ භාවිතා වන්නේ ඉන්දීය බ්‍රාහ්මණ පඬිවරුන් ලෙස හඳුන්වන අයගෙනි. ලිංගිකත්වය කෙතරම් සංකීර්ණ විෂයක් දැයි කිවහොත් ධන සම්පත් ඇති කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ බිරිඳක් ඔවුන්ගේ වාහනය පදවන රියදුරා සමග අර ධන සම්පත් අතහැර රහසේ පලායෑමට මුල්වන්නේ මෙම ලිංගික තත්ත්වයේ ඇති සංකීර්ණතාවය අනුවය. 1990 ගණන්වල ජාතික පුස්තකාල සේවා මධ්‍යස්ථානයෙන් ලිංගිකත්වය යන විෂය තරුණ පිරිසට බුද්ධිමත් මට්ටමින් අවබෝධ කළ හැකි වන පරිදි පොත් ලියන්නට ලේඛකයින් කැඳවා උපදෙස් දුන්නේය. ඒ පිළිබඳව අපට විශේෂ දේශන කළේ එවකට සිටි අධිනීතිඥ රන්බණ්ඩා සෙනවිරත්න මහතාය. ඔහු පැවසුවේ දික්කසාද නඩුවල ඒ අය නොපවසා සිටියත් වෙනත් හේතු කාරණා ඉදිරිපත් කළත් සැබෑ හේතුව අසමාන ලිංගිකත්වය නිසා බවයි. වසර ගණන් ආදරය කර දෙදෙනා ඒ අතින් එකිනෙකා අත්නොහැරිය හැකි පරිදි ඇලී සිටියත් විවාහ ජීවිතය තුළ මේ ලිංගික නොගැලපීම ඇතිවී විවාහ ජීවිතය දෙදරා යන බවය. එසේ නම් මේ විෂය මිනිස් ජීවිතයට අති ප්‍රබල සාධකයකි.

පොරොන්දම් ගැලපුමේ විශේෂත්වය

විවෘත ආර්ථීක රටාවත් සමග කාම චිත්‍රපටි සමාජයට අවතීර්ණ වීමෙන් පසු මේ සංකීර්ණතා තව තවත් මිනිස් සිත්වල බහුල වූයේය. බුද්ධිමය විසඳුම් ඒවා තුළ නොවීය. බුද්ධියේ නිම් වළලු පසා කරගත් අසාර්ථකත්වයේ හැඟීම් ඉස්මතු කළේය.

ලිංගිකත්වය යනු මිනිසාට – දෙවියන්ට පමණත් නොව වෙනත් සකල සත්වයාටම සොබාදහමින් උරුම වන දෙයකි. දෙවියන්ට ද ඇත. නමුත් මිනිසාට මෙන් ඔවුන්ට නොගැලපෙන තත්ත්ව ඔවුන්ගේ පිං අනුව ඇති නොවන බව “විමාන වත්ථු අට්ඨ කතා ප්‍රකරණයේ” සඳහන් වේ. අනෙක් සියලු සත්වයින්ට ද මේ නොගැලපීම පවතින අතර මිනිසාට ද ලිංගික නොගැලපීම බුද්ධියෙන් විමසා තේරුම්ගෙන කටයුතු කළ හැකිය. එනිසා ඉන්දීය බ්‍රාහ්මණ පඬිවරු මේ පොරොන්දම් ගැලපුම සකස් කළා විය හැක. නමුත් හේතුඵල දහම ද මෙයට බලපායි. විශේෂයෙන් මේ ලිංගික නොගැලපීම බලපාන්නේ කාන්තාවටය. පුරුෂයාට බලපාන්නේ එකී නොගැලපීමෙන් බිරිඳ හරහා මතුවන අවහිර බාධා තුළිනි. එවිට අඥාන පුරුෂයින් මේ කිසිවක් නොදැන “උඹට තවත් එකෙක් ඇති ඒකයි උඹ ඔහොම කරන්නේ” කියමින් දරුණු අවුල් වියවුල් විවාහ ජීවිතය තුළට ඇති කර ගනී. මේ තත්ත්වය විශේෂ වන්නේ දැනෙන්නේ එම කාන්තාවට නිසා පොරොන්දම් පරීක්ෂාව සිදු කරන්නේ මුලින් එම කාන්තාවගේ උපන් නැකතට පුරුෂයා උපන් නැකත ගැලපමිනි. ඒ අනුව පොරොන්දම් විවරණයේ පළමු පොරොන්දම වූ දෙදෙනාගේ උපන් නැකත් දෙක ගළපන නක්‍ෂත්‍ර පොරොන්දම ඒ අතින් ඉතා වැදගත් පොරොන්දමකි. මෙහිදී ස්ත්‍රී උපන් නැකැතේ සිට පුරුෂයා උපන් නැකත සුබ වන ආකාරයේ ලිත් පොත්වල දක්වා ඇත. එහිදී විශේෂයෙන් 18-20-22-24-25-26-27 යන නැකතක් වී තිබිය යුතු අතර පුරුෂයාගේ නැකතේ සිට ස්ත්‍රී උපන් නැකතක් ඒ කියූ අංකයකට වැටේ නම් එය ඉතාම සුබය. නමුත් ලිංගික සමානත්වය එපමණින් පරිපූර්ණ නොවේ. ඒ සඳහා අනෙක් පොරොන්දම්ද ගැලපිය යුතුය. ස්ත්‍රී දීර්ඝ – යෝනි සහ රාශි යන පොරොන්දම්ද මේ සඳහා අත්‍යවශ්‍ය වේ.

රාශි පොරොන්දම යනු දෙදෙනාගේ ලග්න දෙකය. දෙදෙනාම එකම ලග්නයේ වී සඳු සිටින්නේත් එකම රාශියක නම් එහි ඉහත සඳහන් පොරොන්දම් ද සුබවී ඇත්නම් ඒ දෙදෙනා ලිංගික අතින් ගැලපෙන බව පෙනේ. එසේම රාශිය හෙවත් ලග්න අතරද ස්ත්‍රී පුරුෂ භේදය පවතී. වෘෂභ – කටක – කන්‍යා -වෘශ්චික – මකර – මීන යන ලග්න හෙවත් රාශි ස්ත්‍රී රාශි වේ. මෙසේ ස්ත්‍රී රාශියක් එම ස්ත්‍රියටත් පුරුෂ රාශියක් එම පුරුෂයාටත් හිමි වී ඇත්නම් ඔවුන්ට ද ලිංගික ගැළපීම පවතී. ස්ත්‍රී උපන් රාශියෙන් පුරුෂයාගේ රාශිය 3 – 4 – 8 -12 වැනි රාශියක් වී නම් ඉහත කී පොරොන්දම්වල යම් ආකාරයක සුභ තත්ත්වයක් වී නම් ඔවුන්ට ලිංගික නොගැලපීම යම් මට්ටමක පවතී. නමුත් විවාහ ජීවිතය තුළ අවුල් එතරම් ඇති නොවේ. එම ස්ත්‍රිය වෙනත් අනියම් සම්බන්ධයකින් ගැළපීම ඇති වුවහොත් එම අනියම් සම්බන්ධයට වඩාත් ඇලුම් කරන තත්ත්වයට ලිංගික තෘෂ්ණාව බලවත් වේ. අපට මේවා මෙවන් ලිපියකින් කිව හැක්කේ ස්වල්ප වශයෙනි.

පොරොන්දම් විස්ස වෙන වෙනම විස්තර කළහොත් එක් පොරොන්දමක් ඉතා දීර්ඝ ලෙස විස්තර කළ හැක. යම් ස්ත්‍රී පුරුෂයින් අනියම් ඇසුරුවලට පෙළඹෙන්නේ මේ හේතුවෙනි. එසේම ක්‍රියාකාරීත්වය එකිනෙකාගේ ඇවතුම් පැවතුම්ද මේ අනියම් ඇසුරු සඳහා බලපායි. එනිසා රාශි පොරොන්දමේ විශේෂ වැදගත්කමක් පොරොන්දම් පරීක්ෂාවට පවතී. මේ අතර තවත් වැදගත් පොරොන්දමක් “වශ්‍ය පොරොන්දම” ලෙස තිබේ. එය යුවතිපති දෙදෙනා එකිනෙකාට වශීකෘතදැයි බැලීමය. මෙහිදී යුවතිය කන්‍යා ලග්නය කියා සිතමු. ඒ ලග්නයට වශීකෘත වන්නේ මිථුන -කන්‍යා – තුලා – ධනු – මීන යන රාශියක් පුරුෂයාට තිබේ නම් එයද වශීකෘතභාවය ඇති කරන බව පැවසේ. විශේෂයෙන් පොරොන්දම් විමසුම බැලීමේදී නියත විදියට පොරොන්දම් හරි මෙච්චරක් සුබයි විස්සෙන් මෙච්චරක් සුබයි කියා විවාහයකට සුදුසු බව අනුමත කිරීම වැරදිය. ඒ ගැන විස්තර මෙම නැකත තුළින් කීපවිටක් කරුණු පහදා දුනෙමි.

පොරොන්දම් කරුණක් තවත් පොරොන්දම් කරුණක් සමග ද ගලපා බැලිය යුතුය. ඒ අනුව නක්‍ෂත්‍ර පොරොන්දම දක්වන අංකය ස්ත්‍රී දීර්ඝ පොරොන්දමේ අංකය සමග ගැලපේ දැයි බැලිය යුතුය. ස්ත්‍රී දීර්ඝ පොරොන්දම 18 නම් එම ස්ත්‍රිය ලිංගිකව තෘප්තිමත් කිරීමට එම පුරුෂයාට හැකිය. නමුත් නක්‍ෂත්‍ර පොරොන්දමේ අංකය 2 -4 -6- 8- 9 – 11 ආදී අංකයක් ලැබී ඇත්නම් ඒ අරමුණ ඉටු නොවේ. විශේෂයෙන්ම සමානාත්මතාවට බලපාන අනිත් කරුණ නම් හේතු ඵල දහමයි. එය පෙර කළ පින් පවු දෙක යන්නයි. එයද විවාහයක ධනය – පිනද – සමගියද – සතුටද ඇතිවීමට හේතුඵල දහම අනිවාර්යයෙන් බලපායි. මේ පොරොන්දම්වලින් මැන බලන්නේ ද එම තත්ත්වයයි. ලිංගිකත්වය යනු විවාහ ජීවිතයට සම්බන්ධ වන ප්‍රධාන සාධකයයි. එයට මෙම පොරොන්දම්වලින් කෙරෙන්නේද හරියාකාරව හේතුඵල දහම ගැලපී තිබේද යන්නයි. සමාන ලිංගික තත්ත්වයක් යුග දිවිය තුළ ඇත්නම් එතැන ප්‍රශ්න – කරදර – සිත් පීඩා අඩුය. එය අසමාන වන තැන පීඩා අවුල් වියවුල් ඇති වේ. එය හේතු ඵල දහම අනුව සැකසෙන ධර්මතාවයකි. පොරොන්දම් 20 ක් ඇසුරෙන් විශේෂයෙන් ලිංගිකත්වය ගලපන්නේ යහපත් හේතු ඵල දහමත් තිබේද යන්න සොයා බැලීමටය.

පොරොන්දම් ගැලපුමේ විශේෂත්වය

ජ්‍යොතිෂවේදී අගලවත්තේ බී. හේරත්
මහජන ක්‍රීඩාංගණය අසල, අගලවත්ත.
දු.ක.-071-2154253

advertistmentadvertistment
advertistmentadvertistment