පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක් ඇරේ

143

සිරිල් විමලසුරේන්ද්‍ර” ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

මධ්‍යම කඳුකරයට මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාවත් සමග පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු තුනක් ඊයේ (13 දා) විවෘත කර ඇති බව වේල්ල භාර කාර්යභාර ඉංජිනේරු කාර්යාලය පවසයි.

මෙම වාන්දොරටු අඩි එකයි අඟල් නාමයක් (1.9) විවෘත කොට ඇති බවත් ඉන් තත්පරයට ඝන මීටර් 148.66 ජල ධාරිතාවක් නිකුත් කරන බව එම කාර්යාලය පවසයි. මේ නිසා මහවැලි ගඟේ පොල්ගොල්ල ජලාශයට පහළින් ප්‍රදේශවල දියනෑම අවදානම් සහගත බැවින් ජනතාවට කල්පනාකාරී වන ලෙස වේල්ල භාර කාර්යභාර ඉංජිනේරු කාර්යාලය දැනුම් දෙයි.

advertistmentadvertistment
advertistmentadvertistment