පොල්ගොල්ල ජලාශ පතුලේ ප්ලාස්ටික් කඳු

351

පරිසර හානියට සහ ජල ජීවීන්ට වග කියන්නේ කවුද

මේ වන විට පවතින වියළි කාලගුණයත් සමග පොල්ගොල්ල ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බැසීමෙන් පොල්ගොල්ල ජලාශයේ පතුල පෙනීමට පටන් ගෙන ඇත.

ජල පෝෂක ප්‍රදේශ වල මිනිසුන්ගේ ප්ලාස්ටික් බැහැර කිරීමේ අවිධිමත් වැඩපිළිවෙළ නිසා අද වන විට මුළු පොල්ගොල්ල ජලාශයේ පත්ලම ප්ලාස්ටික් වලින් වසා ගෙන ඇතග මෙම තත්ත්වය පෙනි පෙනී තිබියදී වැසි සමය ආරම්භ වීමට ප්‍රථම මෙම ප්ලාස්ටික් ඉවත් නොකළහොත් පහළ ඇති සියලුම බිම් ප්‍රදේශ ප්ලාස්ටික් වලින් වසා ගැනීම වැලැක්වීම කිසිවකුටත් නොහැකි වනු ඇතග මෙම ප්ලාස්ටික් දිරායාමට අවුරුදු දෙසියයකට වැඩි ප්‍රමාණයක් ගත වනු නොඅනුමානය.

පොල්ගොල්ල වේල්ලට මීටර් 30ක් ආසන්නයේ ඇති පරිසර අධිකාරියේ නිලධාරීන් සහ පොල්ගොල්ල ජලාශයේ ඉංජිනේරු කාර්යාලයේ නිලධාරීන්ද මෙය නොදැක මුනිවත රකිමින් ප්ලාස්ටික් ඉවත් කිරීමට කටයුතු සම්පාදනය කොට නැතග ප්ලාස්ටික් වලින් තොර රටක් ඇති කිරීමට වෙර දරන නුවර අවට පාරිසරික සංවිධානල යුද හමුදාව සහ විශ්ව විද්‍යාල එක්ව හැකි ඉක්මණින් මෙම ප්ලාස්ටික් සහ වීදුරු බෝතල් ඉවත් කරන්නට උත්සුක නොවුණහොත් අත්වන ඉරණම තවත් අවුරුදු සිය ගණනකට බලපානු ඇතග තවත් දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් ලෙස පොල්ගොල්ල ජලාශයේ ජල පෝෂක ප්‍රදේශ වල ජීවත් වන ජනතාවගේ ප්ලාස්ටික් සහ වීදුරු අපද්‍රව්‍ය ක්‍රමවත් වැඩපිළිවෙළක් යටතේ බැහැර නොකළහොත් ඉදිරි අනාගතයේ ජලයල ජල ජීවීන් සහ පරිසරයට ඇතිවන ගැටලු මහා පරිමාණ වනු නිසැකය.
ගල්පාත – චන්දන පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment